කන්ද උඩරටට අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් ප‍්‍රචලිත උඩරට නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග‍්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප‍්‍රදායක් රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග‍්‍රහය ලබා දුන්හ. ශ්‍රී දළදා මාළිගාව හා අවශේෂ සිද්ධස්ථානයන් ද ශ්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු දේවාලයන් ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප‍්‍රදාය අදටත් රැක ගැනීමෙහි නිරත වෙයි. රාජකීය අනුග‍්‍රහය නැති වී යාමත් සම`ග එම කලා පරපුර වලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වින. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප්රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබීම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.
Aug 13, 2013
Aug 3, 2013
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)
Sanka Indranath
1:08 PM
0
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)
අතීත තොරතුරු
බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන්ම, බෝධිසත්ත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ. දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාගෘහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට නන්විධ පූජා පෙරහර පැවැත් වූ වග මූලාශ්‍ර තුළින් හෙළිවේ. ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතින. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණ. ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් නන්විධ පූජා පෙරහර පැවැත්වූ වග දක්නට ලැබේ.
Aug 2, 2013
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි
Sanka Indranath
12:43 AM
0
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි.
මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර බොහොමයක් බෞද්ධ ආගමික හා හින්දු ආගමික පුද සිරිත් සමඟ සංකලනය වී සිංහල සංස්කෘතියේ මහාර්ඝත්වය ඉස්මතු කෙරෙමින් පවතී. අද පටන් ප්‍රචාරය කෙරෙන එම අති උතුම් මංගල්ලය හා බැඳුණු ලිපි සංග්‍රහයේ පළමු ලිපිය මෙයයි.
Jul 30, 2013
නොකිළිටි සිතින් දහම දකිමු
Sanka Indranath
2:30 AM
1
නොකිළිටි සිතින් දහම දකිමු
දීඝ නිකායේ මහා වග්ගයෙහි ‘මහා සතිපට්ඨාන සූත්‍රය’
හා මජ්ඣිම නිකායේ ‘සතිපට්ඨාන සූත්‍රය’ යන තන්හි “එකායනො
අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොක පරිද්දවානං සමතික්මාය, දුක්ඛ
දොමනස්සානං අත්ථඞ්ගමාය
ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස, සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා” හි
සතිපට්ඨානය නම්, සතිය හෙවත් සිහිය මනා අරමුණෙහි පිහිටුවීම ය. සතර සතිපට්ඨානය මනා
සේ වැඩීම, රාග මෝහාදියෙන් පිරිසිදු වීම පිණිස, සෝක පරිදෙවයාගේ ඉක්මවීම පිණිස,
කායික මානසික දුක් නැති කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධය පිණිස,
නිර්වාණය ප්රත්යක්ෂ කිරීම
පිණිස ඇති ඒකායන මාර්ගයයි, ඒ සතර සතිපට්ඨාන සූත‍්‍රයෙහි චිත්තානුපස්සනාවට පසුව එන,
දහම අනුව සිහිය යොමු කර දහම මනාව වටහා ගැනීමෙන්, මනාව වැඩීමෙන් සිහිය යොමුකර
පිහිටුවීම ධම්මානුපස්සනාවයි. ධම්මානුපස්සනාව මෙසේ මනා සිහියෙන් යුතුව මනාව
වැඩීමෙන් නිවන් මඟ පසක් කර ගත හැකිය.
වේදනා මුල් සිඳ දමමු
Sanka Indranath
2:21 AM
1
වේදනා මුල් සිඳ දමමු
භාවනාවෙන් සිත දියුණු කර ගැනීමෙන්, කාම කෝපාදියෙහි
නො මිනිස්කම් දුරලා උතුම් මිනිස් ගුණ වගා කර, කු`ඵ හරකකු වන් සිත දමනය කොට සංසුන් කර ගත හැකිය. එමගින්
එලොව මෙලොව උභයාර්ථ සිද්ධියම සාධනය කර ගත හැකි වේ. භාවනාවෙන් මනා කොට පිහිටුවා ගත්
සිතින් අවිද්‍යාවෙන් මි`දී
සියලු ආකාරයෙන් සැනසිලි සුවය සදන නිවන් සුවය අත් කර ගැනීමට ද ම`ග හෙළි කර ගත හැකි වන්නේය, සමථ විදර්ශනා වඩන
ඤාණවන්ත උත්සාහවන්තයාට නිවන් අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. ඒ නිසා බාල, තරුණ, මහ`ඵ කවුරුන් වුවත් දවසේ හිමිදිරි පාන්දර හෝ උදේ සවස
දෙකේම හෝ කිසියම් භාවනාවෙක යෙදීම ජීවිතයට සැනසිල්ල, සතුට ගෙන දෙන බව වටහා ගත
යුතුය.
Jul 28, 2013
ආනාපාන සතිය
Sanka Indranath
1:23 AM
0
ආනාපාන සතිය
මජ්ඣිමනිකායෙහි අනුපද වග්ගයේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් නම් මුවර මාපාවෙහි භික්ෂූන් අමතා කළ ආනාපාන සති සූත‍්‍රයෙහි එන පරිදි භික්ෂූහු විවිධ භාවනාවල නියැලූණ හ. ඒ අතර ආනාපන්සි භාවනානුයොගයෙහි යෙදී වඩන භික්ෂූහු විසූහ. භාවිත බහුලීකෘත වශයෙන් ආනාපන්සි භාවනා මහත් ඵල මහානිශංස වෙයි. සතර සීවටන් සපුරාලයි. සප්ත බොධ්‍යංගයන් සපුරාලයි. ආරණ්‍යගත වේවා, වෘක්ෂ මූල ගත ව වේවා, ශූන්‍යාගාර ගතව වේවා, පලක් බැ`ද කය සෘජු කොට තබා සිහිය කමටහන් අබිමුඛ කොට තබා සිහි ඇතිව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇතුවම ප්‍රශ්වාස කෙරෙයි. දීර්ඝ කොට හෝ ආශ්වාස කෙරෙනුයේ දීර්ඝ කොට කෙරෙමියි නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප්‍රශ්වාස කෙරෙමියි නුවණින් දනියි. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කෙරෙමියි නුවණින් දනියි. හ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කෙරෙමියි නුවණින් දනියි. සර්වකාය ප්රතිසංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සර්වකාය ප්රතිසංවේදීව ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. කාය සංස්කාර සංසි`දුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. කාය සංස්කාර සංහි`දුවමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. ප්‍රීති සංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප්‍රීති සංවේදීව ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සුඛ සංවේදීව ආශ්වාස කෙරෙමින් හික්මෙයි. සුඛ සංවේදීව ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප්රතිසංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප්රතිසංවේදීව ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.