දහම් ලිපි සරණිය: භාවනා

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Showing posts with label භාවනා. Show all posts
Showing posts with label භාවනා. Show all posts

Jul 28, 2013

ආනාපාන සතිය

1:23 AM 0
ආනාපාන සතිය
ආනාපාන සතිය

මජ්ඣිමනිකායෙහි අනුපද වග්ගයේ   සැවැත්   නුවර සමීපයෙහි     පුවරම්   නම් මුවර  මාපාවෙහි  භික්ෂූන් අමතා කළ ආනාපාන සති සූත‍්‍රයෙහි   එන    පරිදි භික්ෂූහු විවිධ භාවනාවල නියැලූණ හ. ඒ අතර ආනාපන්සි භාවනානුයොගයෙහි යෙදී වඩන භික්ෂූහු විසූහ. භාවිත බහුලීකෘත වශයෙන් ආනාපන්සි භාවනා මහත් ඵල මහානිශංස වෙයි. සතර සීවටන් සපුරාලයි. සප්ත බොධ්‍යංගයන් සපුරාලයි. ආරණ්‍යගත වේවා, වෘක්ෂ මූල ගත ව වේවා, ශූන්‍යාගාර ගතව වේවා, පලක් බැ`ද කය සෘජු කොට තබා සිහිය කමටහන්  අබිමුඛ කොට තබා සිහි ඇතිව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇතුවම ප‍්‍රශ්වාස කෙරෙයි. දීර්ඝ කොට හෝ ආශ්වාස කෙරෙනුයේ දීර්ඝ කොට කෙරෙමියි නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප‍්‍රශ්වාස කෙරෙමියි නුවණින් දනියි. හ‍්‍රස්ව කොට හෝ ආශ්වාස කෙරෙමියි නුවණින් දනියි. හ‍්‍රස්ව කොට හෝ ප‍්‍රශ්වාස කෙරෙමියි  නුවණින් දනියි. සර්වකාය ප‍්‍රතිසංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සර්වකාය ප‍්‍රතිසංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. කාය සංස්කාර සංසි`දුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. කාය සංස්කාර සංහි`දුවමින් ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. ප‍්‍රීති සංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප‍්‍රීති සංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සුඛ සංවේදීව ආශ්වාස කෙරෙමින් හික්මෙයි. සුඛ සංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප‍්‍රතිසංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප‍්‍රතිසංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.