දහම් ලිපි සරණිය: නිකිණි

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Showing posts with label නිකිණි. Show all posts
Showing posts with label නිකිණි. Show all posts

Jan 20, 2022

සම්බුදු දහම සුරක්ෂිත කළ ප‍්‍රථම ධර්ම සංගායනාව

11:10 AM 0
සම්බුදු දහම සුරක්ෂිත කළ ප‍්‍රථම ධර්ම සංගායනාව

ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තැන නිකිණි පුන් පොහෝ දිනකදීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්ම බුදුදහම සම්බන්ධයෙන් පැනනැගුණු ශාසන විරෝධී හා විනය විරෝධී දෘෂ්ඨීන් සියල්ල මුලිනුපුටා දමමින් බුද්ධ ශාසනය චිරස්ථායී කිරීමේ උදාර අභිලාෂයෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ තීරණයක් පරිදි මෙම සංගායනාව පැවැත්විණ.

එවකට විසූ සුභද්‍ර නම් භික්ෂුවකගේ විනය විරෝධී ප‍්‍රකාශයක් ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම සඳහා හේතු වූ බව චුල්ලවග්ගපාලියෙහි දක්වා ඇත. 

පාවානුවර සිට කුසිනාරාවට තම පිරිස සමග වැඩම කරමින් සිටි මහාකාශ්‍යප හිමියන් හට අතරමග දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දුක්මුසු පුවත සැළ විය. ඒ පුවත ඇසූ සිහිනුවණින් යුතු භික්ෂූන් වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කළ අතර, කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේ හඬා වැළපෙන්නට විය. එකල්හි ශාස්තෘ වියෝගයෙන් වැළපෙන භික්ෂු පිරිස ඇමතූ සුභද්‍ර නම් මහලූ භික්ෂුව මෙවන් ප‍්‍රකාශයක් කළේය.

Jun 27, 2020

වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය

11:27 AM 0
වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය


සෙංකඩගලපුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි විරාජමානව වැඩසිටින්නා වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වූ රාජපූජිත තේවා බුදු පුද චාරිත්‍ර හා පූජෝපහාර පෙරහර මංගල්ලයන් අදටත් චිරාගත සාම්ප්‍රදායානුකූල පුද සිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එනු ලබයි. එකී නන් විධ පූජා විධි අතර දෛනික තුන්වරු බුද්ධ පූජා, සතියේ බුධ දිනයෙහි නානුමුර මංගල්ලය, පසළොස්වක පොහෝ දිනයන්හි පොහෝ දින පූජා හා වාර්ෂිකව සතර මංගල්ලය ප්‍රධාන තැනක් ගනී. ඉන් වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්ලය යන සතර මංගල්ලය ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සවයන්ය.


ඇසළ පෙරහර මංගල්ලය

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධ කාලයෙහි මෙන්ම බෝධිසත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැම දෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ. දඹදිව ධර්මාශෝක රජු දවස භාරතයෙහි පෙරහර පූජෝත්සව සංකල්පය වඩාත් ප්‍රචලිත විය. බෝධිසත්ව සමයෙහි බෝධිසත්ව චරිතයෙහි සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, චම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල් කොට නන්විධ පූජා පෙරහර පැවැත්වින. සුරාසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණ සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණ. එසේම ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක‍්ෂාවෙන් නන්විධ පූජා පෙරහර පැවැත්වූ අයුරු දක්නා ලැබේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව රජු දක්වා දළදා වහන්සේ විවිධ පුද පූජා පෙරහර පැවැත්වූහ.

Oct 5, 2017

නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය

10:33 AM 0
නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය


අනෙකුත් පෝය දිනයන් මෙන්ම නිකිණි පෝය දිනය ද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත් පෝය දිනයකි. භික්ෂූන් වහන්සේ නිකිණි අවපෑලවියට පොහොය කොට නිකිණි පුන් පොහෝදා පසු වස් එළඹීම හා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවීම යනාදි ඉතා සුවිශේෂි කරුණු කාරණා කීපයක්ම නිකිණි පෝය දිනය මුල් කොට ගෙන සිදු විය.