දහම් ලිපි සරණිය: පෝය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Showing posts with label පෝය. Show all posts
Showing posts with label පෝය. Show all posts

Jan 1, 2018

දුරුතු මස පුර පසළොස්වක පෝය දිනය

10:47 AM 2
දුරුතු මස පුර පසළොස්වක පෝය දිනය
තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, බුද්ධත්වයෙන් නවවන මාසයේ, තමන් වහන්සේ බිම්සර රජතුමාට දෙවා වදාළ පළමු ප‍්‍රතිඥාව පරිදි රජගහ නුවරට වැඩම කළේත් ලක්දිව මිනිපේ ජනපදයේ මහානාග වනෝද්‍යානයෙහි පිහිටි මහියංගණයට වැඩම කොට වදාළේත්, සීතල දුරුත්තේ සුන්දර සිරි අසිරියෙන් බැබළෙන අද වැනි දුරුතු පුන් පොහෝ දිනයකදීය.

එදින ලක්දිව මහානාග වනඋයනේ මහියංගණ ආදී ප‍්‍රදේශයන්හි බලවත්ව සිටි, කෙළෙස් බරින් බරිත වූ යක්ෂ ග්‍රෝත‍්‍රිකයන්ගේ මහා සමාගමක් පැවැත්වෙමින් තිබිණ.

Dec 3, 2017

උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනය

9:58 AM 0
උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනය
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, චතුරාර්ය සත්‍යයාවබෝධය ලබා සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළේ දඹදිව බුද්ධගයාවේ ඇසතු (අස්වත්ථ) බෝරුක් මූලයේදීය. එසේ සම්බෝධියට පැමිණ පළමුවන දෙවන දෙසතිය අනිමිෂලෝචන පූජාවෙන්, කෘතගුණවේදිත්වය දැක්වීමේ අගය ලොවට විදහා දක්වා වදාළේත්, ජයසිරි මහා බෝමැඩ සෙවණේ සිටය. 

Nov 3, 2017

ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය

10:25 AM 0
ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය
ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් වශයෙන් සැලකේ. ප‍්‍රථම ධර්මධූත පිරිස ධර්ම ප‍්‍රචාරය ඇරඹීම, තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑම, යන සුවිශේෂී ශාසනික කරුණු සිදුවීමත් පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව සිදු කළ හැකි අන්තිම දිනය වීම යන සුවිශේෂි ශාසනික සිද්ධියෙන් මුල්කොට ඉල්මස පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයෝ ඉතා වැදගත් කොට සලකති.

Oct 5, 2017

වප් මස පුර පසළොස්වක පොහෝ දිනය

10:49 AM 1
වප් මස පුර පසළොස්වක පොහෝ දිනය

මහින්දාගමනයෙන් පසු ලක්දිව උපාසක උපාසිකවෝ පෝය දිනයන්හි මෙලොව පරලොව සැප පිණිස විවිධ ආමිෂ හා ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදුනාහ. කාය වාග් සංයමය හා චිත්ත පාරිශුද්ධිය උදෙසා අටසිල්, දසසිල් සමාදන් වූහ. සෑගිරියේ ලෙනක පෝය දින අටසිල් සමාදන් වූ සද්ධාතිස්ස රජතුමා එක් දිනෙක මුළු රැුයක්ම බණ අසන පිරිස් අතර සිටගෙනම බණ ඇසූ බවත්, වසභ, උපතිස්ස, දාඨෝපතිස්ස, ධාතුසේන වැනි අපේ රජ දරුවෝ ද පෝය දිනයන්හි අටසිල් සමාදන් වී මහත් ශ‍්‍රද්ධාවෙන් ආගමික කටයුතු වල යෙදුනු බවත්, වංශ කථාවන්ගෙන් හෙළිවේ.

බිනර මස පුර පසළොස්වක පොහෝ දිනය

10:39 AM 1
බිනර මස පුර පසළොස්වක පොහෝ දිනය

බිනර මාසය වස්සාන සෘතුවට අයත් නිසිලෙස වැසි ලැබී ගහ කොළ දළුලා වැඩෙන මාසයකි. ගොඩ මඩ දෙකම සරුසාරව නව බීජ වගාවට සැකසෙන මාසයකි. සොබා දහමේ චමත්කාරය මතුකර දැක්වෙන මාසයකි. මිනිසුන් පමණක් නොව සතා සිවුපාවුන්, කුරුල්ලන් හා ගහකොළ ඇතුළු සමස්ත පරිසරය සෞම්‍යවත් බවින් හා සුන්දරත්වයෙන් පිබිදෙන මාසයකි. මෙනයින් බලන විට බිනර මාසය සිත කය දමනය කොට සන්සුන් ඉඳුරන් ඇතිකර ගැනීමට සුදුසුතම මාසයක් වන්නේය.

නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය

10:33 AM 0
නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය


අනෙකුත් පෝය දිනයන් මෙන්ම නිකිණි පෝය දිනය ද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත් පෝය දිනයකි. භික්ෂූන් වහන්සේ නිකිණි අවපෑලවියට පොහොය කොට නිකිණි පුන් පොහෝදා පසු වස් එළඹීම හා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවීම යනාදි ඉතා සුවිශේෂි කරුණු කාරණා කීපයක්ම නිකිණි පෝය දිනය මුල් කොට ගෙන සිදු විය.

ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය

10:30 AM 0
ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය

ඇසළ පෝය ඉන්දියාවේ පුරාණෙයේ පටන් පැවතගෙන ආ ආෂාඪ උත්සවය මුල්කොට ඇසළ උත්සවය ඇරඹිනැයි සැලකේ. ඇසළ උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල්කොට උත්සව පැවැත්වීමටත් යොදාගෙන ඇත. ජාතකට්ඨ කථාවේ ද පුරාතන ඉන්දියාවේ ඇසළ මාසයෙහි පැවති නැකැත් සැණකෙළියක් ගැන සඳහන් වේ. කිඹුල්වත්පුර සතියක් පුරා පැවති එම සැණකෙළියට සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසිය වූ මහාමායා බිසව ද සහභාගි වූ බව කියැවේ.

Jun 8, 2017

පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය

10:14 AM 0
පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය
සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහෝ දිනය, ඉතා වැදගත් වන්නාසේම විශේෂයෙන් ලක්වැසි බෞද්ධයනට පොසොන් පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී පොහෝ දිනයක් වන්නේය. සිදුහක් කුමරු උයන්කෙළි පිණිස ගොස් එද්දී දුටු පෙරනිමිති සතරෙන් තෙවන පෙරනිමිත්ත වූ මරණය දැක සසර කල කිරුනේ ද පොසොන් පොහෝ දිනයකය.

May 10, 2017

වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනය

10:16 AM 0
වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනය
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප‍්‍රථම නියත විවරණය ලැබූයේත්, සිදුහත් කුමර සමයේ ව්‍යාධි (රෝගියෙක්) දැක සසර කලකිරුණේත් ලක්දිව සොළොස්මස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්හ බවට පත්කළේත්, ලාට රට විජය කුමරු සත්සියයක් පිරිස සමග මෙලකට පැමිණ සිංහල ජාතින ආරම්භ කළේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.

Apr 10, 2017

බක් මස පුර පසළොස්වක පොහොය දිනය

8:59 AM 0
බක් මස පුර පසළොස්වක පොහොය දිනය
උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බෞද්ධ උපාසක උපාසිකාවෝ සීල ගුණයෙන් පේවි ධර්මානුකූලව සිත මෙහෙයවා මානසික කායික සුවය හා විවේකය අත්කර ගැනීම සඳහා මෙම පොහොය දිනය යොදා ගනිති.

Mar 12, 2017

මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය

2:29 PM 0
මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය
මැදින් මස පුර පසළොස්වක පෝය දිනය ද සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයකි. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා සිදු කළාක් මෙන් ප‍්‍රවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග‍්‍රහය පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි. බුදු වී වසරක් ගත වූ තැන ය.

Feb 10, 2017

නවම් මස පුරපසළොස්වක පොහොය දිනය

10:11 AM 0
නවම් මස පුරපසළොස්වක පොහොය දිනය
නවම් පුර පසළොස්වක පොහොය දිනය ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අති උදාර පූජනීය දිනයක් වශයෙන් සැලකේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වෙත අග‍්‍රශ‍්‍රාවක තනතුරු ප‍්‍රදානය, ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය (සංඝ සම්මේලනය) සිදුවීම, ශාසනයේ පැවැත්ම සලකා   ”ඕවාදපාතිමොක්ඛය” දේශනා කිරීම, චාපාල චෛත්‍යය වෙත වැඩම කොට ආයුසංස්කාරය හරිමැයි තීරණය කිරීම යනාදී ශාසනික වූත් අතිපූජනිය වූත් වැදගත් ශාසනික කරුණු රැුසක් සිදුවී ඇත්තේ නවම් මස පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙනය.

Apr 19, 2015

පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය

10:11 PM 0
පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය



අහසේ පායන සඳුගේ ගමන මුල්කොට එළඹෙන පෝය දින හෙවත් උපෝසථ දින උදාව විශේෂ ආගමික වතාවත්හි යෙදීම පිණිස බුද්ධ කාලයට පෙරාතුව සිටම වෙන්ව තිබිණ. වෛදිකයෝ අමාවක හා පුර පසළොස්වක දින උපෝසථ දින වශයෙන් සලකා යාග හෝම පැවැත්වීමට යොදා ගත්හ. ජෛනයෝ ද මෙදින, ගෘහ ජීවිතයෙන් මිදී ව‍්‍රත සමාදානයෙහි යෙදුනාහ. අපමහා බෝසතාණන් බෝසත් කාලයේදී තවුසකුව උපන් කල්හි තිරිසන් සතුන් ද උපෝසථයෙහි පිහිටුවා නිවන් මග යොමුකළහැයි බෝසත් සිරිතෙන් හෙළිවේ. ඇතැම් ජාතක කථාවන්හි එන අයුරු පෝය දින මාඝාත පනවා ඇත.

මහාමායා දේවීන් ඇසළ පුන් පොහොයට සත් දවසක් ඇති කල පටන් ගෙන ..... පොහෝ දවස් ගඳ දියෙන් නහා මල් ගඳ විලවුන් ගෙනැ සව්බරණින් හැඳ සතර ලක්ෂයක් ධන විසඳා මහදන් දී වරභෝජන වළඳා පෙහෙව දිව විමන් පරයන සිරියහන් ගැබට වැද ...... (හොවනා) කල ස්වප්නයක් දුටුයනාදී වශයෙන් සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගත්තේ මහාමායා දේවිය පෙහෙවස් සමාදන්ව සිටි ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී යැයි අමාවතුර සඳහන් කරයි.

බෝධිසත්ත්ව හා බුද්ධ කාලීන භාරතීය සමාජයේ ප‍්‍රචලිතව පැවති උපෝසථ දින ආගමික චාරිත‍්‍ර ඉටු කිරීමේ සිරිත බෞද්ධ සමාජය තුළ ස්ථාපනය වූයේ, බිම්බිසාර මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ස්වාමීනි අන්‍ය තීර්ථකයන් පොහොය දිනය සිය ආගමික වතාවත්හි යෙදීමට යොදා ගන්නා බැවින් බෞද්ධයනට ද ගිහි පැවිදි දෙපක්ෂයේම යහපතට හේතුවන සේ, පොහොය දිනයන්හි ආගමික වතාවත්හි යෙදී ධර්මානුකූලව කටයුතු වල යෙදීමට, අනු දැන වදාළොත් මැනවැයිකරන ලද ඉල්ලීමට අනතුරුවය.