දහම් ලිපි සරණිය: daham lipi

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Showing posts with label daham lipi. Show all posts
Showing posts with label daham lipi. Show all posts

Aug 16, 2022

මහනුවර අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරයේ ඓතිහාසික පසුබිම සහ පුරාවිද්‍යාත්මක වටිනාකම

10:28 AM 0
මහනුවර අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරයේ ඓතිහාසික පසුබිම සහ පුරාවිද්‍යාත්මක වටිනාකම

 හැඳින්වීම

 මහනුවර ට දියකෙළිනා වැව         සැදුනේ
අම්පිටියට දිවුරුම් බෝධිය             සැදුනේ
තලාතුඔයට යකඩින් පාලම           සැදුනේ
ගොඩමුන්නෙට පරසිදු බණගේ      සැදුනේ
-    ජනවහරේ එන කවියකි -

ඓතිහාසික මහනුවර අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමලූ විහාරය සම්බන්ධව කරුණු සොයා බැලීමේදී, එය මහනුවර රාජධානි සමයට අයත් පුරාණ විහාරස්ථානයකි. වර්තමානය වන විට මෙම විහාරය පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් කරුණු කාරණා රැුසකින් සමන්විත හා මහනුවර රාජධානිය පැවති දේශපාලනික හා අපරාධ විද්‍යාත්මක තත්වය මොනවට පිළිබිඹු කර ගත හැකි පුරාවිද්‍යාත්මක ක්ෂේත‍්‍රයක් ලෙස ද හඳුනාගත හැකිය. මහනුවර රාජධානිය වන විට බුද්ධ ශාසනයේ සිදු වූ විපරිවර්තනයන් හරහා එවකට පැවති සමාජීය හා ආගමික සන්දර්භය පිළිබඳව කිසියම් විග‍්‍රහයක් ලබාගත හැකිය.

Jan 20, 2022

සම්බුදු දහම සුරක්ෂිත කළ ප‍්‍රථම ධර්ම සංගායනාව

11:10 AM 0
සම්බුදු දහම සුරක්ෂිත කළ ප‍්‍රථම ධර්ම සංගායනාව

ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තැන නිකිණි පුන් පොහෝ දිනකදීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්ම බුදුදහම සම්බන්ධයෙන් පැනනැගුණු ශාසන විරෝධී හා විනය විරෝධී දෘෂ්ඨීන් සියල්ල මුලිනුපුටා දමමින් බුද්ධ ශාසනය චිරස්ථායී කිරීමේ උදාර අභිලාෂයෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ තීරණයක් පරිදි මෙම සංගායනාව පැවැත්විණ.

එවකට විසූ සුභද්‍ර නම් භික්ෂුවකගේ විනය විරෝධී ප‍්‍රකාශයක් ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම සඳහා හේතු වූ බව චුල්ලවග්ගපාලියෙහි දක්වා ඇත. 

පාවානුවර සිට කුසිනාරාවට තම පිරිස සමග වැඩම කරමින් සිටි මහාකාශ්‍යප හිමියන් හට අතරමග දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දුක්මුසු පුවත සැළ විය. ඒ පුවත ඇසූ සිහිනුවණින් යුතු භික්ෂූන් වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කළ අතර, කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේ හඬා වැළපෙන්නට විය. එකල්හි ශාස්තෘ වියෝගයෙන් වැළපෙන භික්ෂු පිරිස ඇමතූ සුභද්‍ර නම් මහලූ භික්ෂුව මෙවන් ප‍්‍රකාශයක් කළේය.