හැඳින්වීම
මහනුවර ට දියකෙළිනා වැව සැදුනේ
අම්පිටියට දිවුරුම් බෝධිය සැදුනේ
තලාතුඔයට යකඩින් පාලම සැදුනේ
ගොඩමුන්නෙට පරසිදු බණගේ සැදුනේ
- ජනවහරේ එන කවියකි -
ඓතිහාසික මහනුවර අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමලූ විහාරය සම්බන්ධව කරුණු සොයා බැලීමේදී, එය මහනුවර රාජධානි සමයට අයත් පුරාණ විහාරස්ථානයකි. වර්තමානය වන විට මෙම විහාරය පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් කරුණු කාරණා රැුසකින් සමන්විත හා මහනුවර රාජධානිය පැවති දේශපාලනික හා අපරාධ විද්‍යාත්මක තත්වය මොනවට පිළිබිඹු කර ගත හැකි පුරාවිද්‍යාත්මක ක්ෂේත‍්‍රයක් ලෙස ද හඳුනාගත හැකිය. මහනුවර රාජධානිය වන විට බුද්ධ ශාසනයේ සිදු වූ විපරිවර්තනයන් හරහා එවකට පැවති සමාජීය හා ආගමික සන්දර්භය පිළිබඳව කිසියම් විග‍්‍රහයක් ලබාගත හැකිය.
දිවුරුම් බෝධිමලූ විහාරස්ථානයේ ආශ‍්‍රිතව දැනට පවතින ස්මාරක අතර දිව්රුම් ගල , කුරහන් ගල, සිරිපතුල හා බුද්ධ මන්දිරයේ ආදීය තුළින් මහනුවර රාජධානි සමය වන විට පැවති දේශපාලනික ව්‍යුහය හා මෙම විහාරය සම්බන්ධ වන ආකාරය පුළුල්ව විමසා බැලීම අවශ්‍ය කරුණකි. ඒ අනුව මෙම පර්යේෂණ ගැටලූව බවට පත්වූයේ ජනප‍්‍රවාද ගත තොරතුරු හා දැනට ශේෂ වී ඇති පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර පදනම් කර ගනිමින් කිසියම් ආකාරයකට පුරාවිද්‍යාත්මක අර්ථකථනයන්ට යොමු විය හැකි ද යන්න සොයා බැලීමය.ි විශේෂයෙන්ම මෙම අධ්‍යනයේ දී ලැබෙන දත්තයන්ට විද්‍යාත්මක කාල නිර්ණයක් ආදිය ලබාදීමට අවශ්‍ය පහසුකම් අප සතුව නොමැති අතර ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණ හා කැණීම් මගින් සොයාගන්නා ලද මෙම ප‍්‍රදේශය අවට පවතින පුරාවිද්‍යාත්මක අවශේෂයන්ට ලබාදී ඇති නිරපේක්ෂ කාල නිර්ණයන්ට අනුව කාලනිර්ණය ලබාදෙන ඇත.
පුරාවස්තු ආඥා පනත් වලට අනුව වසර සීයක් ඉපැරණි 1815 තුන්වෙනි මස දෙවන දින ට පෙර පවතින ස්මාරක ආදී භෞතික ස්පර්ශිත දෑ පුරාවස්තු ලෙස ගැනේ. ඒ අනුව මෙම පර්යේෂණයේදී විමසීමට බඳුන් වන පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානය ද එකී කාල සීමාවෙන් ඔබ්බට ගියා වූ සුවිශේෂී පුරාවස්තු අන්තර්ගත ක්ෂේත‍්‍රයක් ලෙස දැක්විය හැකිය. තවද මහනුවර සමයේ වන විට රාජකීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට පෙර විධිවිධාන ක‍්‍රියාත්මක ක‍්‍රියාවට නැංවීමෙහි ලා භාවිතා කළ ස්ථානයක් ලෙසද මෙම ස්ථානය ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. කෙසේ වෙතත් මෙම පර්යේෂණයේ දී එකී ජනප‍්‍රවාදගත තොරතුරු හා පුරා විද්‍යාත්මක සාධක ද විමසීමට බඳුන් කොට පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම හරහා මෙම විහාරස්ථානය හා සබැඳි පුරාවිද්‍යාත්මක හා ඓතිහාසිකත්වය තවදුරටත් තීව‍්‍ර කිරීමට හැකියාව උදාවේ.
පිහිටීම හා ගමන් මාර්ගය
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත‍්‍රික්කයේ කඩවත් සතර සහ ගඟවට කෝරලය ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැවතැන්න ග‍්‍රාමධාරි වසමේ මෙම පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ පිහිටා ඇත. මධ්‍යම කඳුකරයේ උස් බිම් සංකීර්ණයට අයත් වන මෙම කලාපය මුහුදු මට්ටමේ මීටර් 800ත් 1200 අතර කලාපය තුළ පිහිටා තිබේ. මහනුවර නගරයේ සිට අම්පිටිය තලාතුඔය මාර්ගයේ කිලෝමීටර 5.5 ක් පසු මෙම පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානය හමුවේ.
අක්ෂාංශගත පිහිටීම - 7.2760371 N
දේශාංශ ගත පිහිටීම - 80.6523929 E
විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම හා වර්තමාන තත්වය
කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සමයේ අම්පිටිය දළුක්ගොල්ල රජ මහා විහාරයට එතුමාගේ විශේෂ අවධානය යොමු වී ඇත. රජු විසින් එම විහාරයේ බුදු මැදුර කරවූ බවද පැවසේ. රජවරුන් විසින් ඊට යාබදව පිහිටි දිවුරුම් බෝධිය ද රාජකාරි සඳහා භාවිතා කර ඇත. යුක්තිය අයුක්තිය පසදලන ස්ථානයක් ලෙස මෙම ස්ථානයේ ප‍්‍රසිද්ධ වූයේ පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ පටන් ය. රජකාලයේ බෝධීන් වහන්සේ ළඟ නඩු අසා නිවැරදි තීන්දුවකට පැමිණි බැවින් සඳහා දිවුරුම් ප‍්‍රකාශ ලබා ගැනීම මෙම ස්ථානය මූලික කරගනිමින් සිදුවීම නිසා දිවුරුම් බෝධිය ලෙස ව්‍යවහාර වූ බව ඇත්ත සඳහන් විය.
මහනුවර යුගය වන විට මෙම විහාරය කොටස් දෙකකට අයත් වී තිබුණි. එනම් දැනට ධර්ම ශාලාව තිබෙන කොටස සියම් මහා නිකායට අයත් දළුක්ගොල්ල රජමහා විහාරයට අයත්ව තිබුණු අතර බෝධීන් වහන්සේ ඇතුළු විහාර මළුව රාමඤ්ඤ නිකායේ කූඹියන්ගොඩ විද්‍යාශේඛර මුල් මහ පිරිවෙන් විහාරයට අයත්ව තිබුණි. මේ නිසා මෙම ඉඩම් කොටස් පිළිබඳව නිකායන් අතර අර්බුදයක් ඇති වී තිබුණු අතර දායකයන්ගේ ද බෙදීමත් ඇතිවීම නිසා එහි පරිපාලනය සියම් නිකායට අයත් දළුක්ගොල්ල විහාරාධිපති හිමි හිප්පොල ස්වාමීන් වහන්සේ විසින් රාමඤ්ඤ නිකායට පැවරූ අතර, පූජ්‍ය පුරිජ්ජවිල ධම්මසිද්ධි මහා නායක ස්වාමීන් වහන්සේ විසින් භාරගන්නා ලදි.
පසුව දළුක්ගොල්ල රජ මහා විහාරයේ වැඩ විසූ එහි අධිපති පූජ්‍ය සීලරතන මහා ස්වාමින් වහන්සේ විසින් කොන්දේසි විරහිතව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මෙම විහාරය සම්පූර්ණ අයිතිය පවරා දෙන ලදී. ඉන්පසුව මෙම භූමියේ සම්පූර්ණ අයිතිය පැවරුණේ රාමඤ්ඤ මහා නිකායට ය. දිවුරුම් බෝධිමලූ විහාරස්ථානයේ ආරම්භය පිළිබඳව මෙතෙක් පැහැදිලි නිශ්චිත තොරතුරක් නැතත් මුල්ම විහාරාධිපති හිමියන් ලෙස දැනට සාහිත්‍යමය මූලාශ‍්‍ර තුළ දැක්වෙන නාමය වන්නේ වර්ෂ 1900 ගණන් වල වැඩ සිටි පූජ්‍ය මීරුප්පේ සෝමානන්ද මහා ස්වාමින්වහන්සේ ලෙසයි. ඉන් පසුව උන්වහන්සේ බුරුම රටට වැඩම කරවූයෙන් ඒ කාලය තුළ මෙම ස්ථානයේ වැඩ සිටියේ පූඡු්‍ය වෙලකොනවත්තේ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ ය. පූජ්‍ය සෝමානන්ද ස්වාමීන් වහන්සේ බුරුම රටේ සිට ආපසු වැඩම කළ පසු පූඡු්‍ය වෙලකොනවත්තේ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ එම ස්ථානයෙන් ඉවත්ව දැනට කැටවල විද්‍යාලෝක පිරිවෙන නමින් ප‍්‍රසිද්ධ විහාරස්ථානය ආරම්භ කොට එහි වැඩ සිටියහ.
පූජ්‍ය සෝමානන්ද ස්වාමීන් වහන්සේගෙන් පසුව මෙම විහාරස්ථානයේ අධිපතිකම ඉසිලූවේ කූඹියන්ගොඩ විද්‍යාශේඛර පරිවේණාධිපති මාතලේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය මාතලේ ධම්මවිසුද්ධි ස්වාමීන් වහන්සේ ය. දිවුරුම් බෝධිමළු විහාරයේ සංවර්ධනයට අවැසි මූලික අඩිතාලම සැකසී දියුණුවට පත්වූයේ මෙම කාලය තුළ දී ය. විශේෂයෙන්ම ගම හා පන්සල අතර දැඩි සම්බන්ධතාවක් නිර්මාණය විය. විශේෂයෙන්ම බෞද්ධ ආගමික අධ්‍යාපන ආයතනයක් නිර්මාණය වීමට දිවුරුම් බෝධිමලූ විහාරය නායකත්වය ශක්තිමත් විය. මේ කාලයේ ගමේ ප‍්‍රධාන පවුල් කීපයකින් මූලිකත්වයෙන් ගමම එකතු ව විහාර මන්දිරය, චෛත්‍යය සේදීම් ආරම්භ කර ඇති අතර, අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා සහිත වූ දර්ශනීය බුද්ධ මන්දිරය, සත් සතිය, අටවිසි බුදුරජාණන් වහන්සේලා සහිත පරිවාර විහාර කුටිය, පිරිනිවන් මංචකය, සැතපෙන පිළිමය, අනාගත මෛත‍්‍රී බෝසත් පිළිමය ආදී වූ දර්ශනීය බුද්ධ මන්දිරයේ ගොඩනැංවීමෙහිලා සුවිශේෂී වූ වෙහෙසක් දරමින් ගමටත් රටටත් විශාල ධර්මාවබෝධයක් ලබා දෙමින් කටයුතු කළේ පූජ්‍ය ධම්මවිසුද්ධි මහා ස්වාමීන් වහන්සේ විසින්ය. උන්වහන්සේ ප‍්‍රදේශවාසි බෞද්ධ ජනතාවගේ ශ‍්‍රද්ධාව වාදී ගුණධර්මයන් වර්ධනය කර සිට අපවත් වීමෙන් පසු මෙම ස්ථානයේ අධිපති ධූරයට පත්වූයේ විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ සාසනතිලක මහා ස්වාමීන් වහන්සේ ය.
දැන් ස්වාමීන්වහන්සේගේ නායකත්වයත් සමඟ විහාරස්ථානයේ දියුණුවටත් ගමන් පන්සලක් අතර සම්බන්ධතාවය දැඩි ලෙසින් බද්ධ විය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ පටන්ම පන්සල ඉදිරිපිට පැවැති අරලියගහ ඇතුළු කළු ගලින් නිම වූ බෝධි බැම්ම ගරා වැටුණේ මෙම කාලය තුළදීය. ඉන්පසුව නව ප‍්‍රතිසංස්කරණය සහිත පන්සල් බැම්ම සහ බෝධි බැම්ම (වලාකුළු බැම්ම) නිර්මාණය කරවන ලදී.
එමෙන්ම උඩ මළුව සහ පහළ මළුව වශයෙන් මලූ දෙකක් තිබුනත් එය එකම මළුවක් ලෙසින් සකස් කිරීමද සිදු වන්නේ මේ කාලය තුළදී ය. චෛත්‍යරාජයාණන් වහන්සේගේ මතුපිට බිත්තිය ගලවා ඉවත් කොට නැවත ඝණ්ටාකාර අනුරුව සහිතව ප‍්‍රතිසංස්කරණය කොට ධාතු නිදහන් උත්සවයක් පවත්වා වර්තමානයේ පවතින තත්වයට ගොඩ නංවන ලදී. මෙහි වැදගත්ම දෙයක් ලෙස සැලකිය හැක්කේ එතෙක් මළුවේ පැවැති අනිමිසලෝචන හිටි පිළිම වහන්සේ දායකයන්ගේ විරෝධය මධ්‍යයේ ගලවා ඉවත් කරන ලද්දේ ද චෛත්‍යරාජයාණන් වහන්සේ ගොඩනැංවීම සඳහා ය. අදත් පැරණිම දායකයන් මෙම හිටි පිළිම වහන්සේ පිළිබඳව සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයකින් ය.
ගෞරවනීය මහා ස්වාමින් වහන්සේ නමක් වූ පූජ්‍ය මීරුප්පේ සෝමානන්ද ස්වාමීන් වහන්සේගේ කාලයේ දී එනම් 1905 වර්ෂයේදී ආරම්භ කරන ලද සිංහල බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාව අද දිවයින පුරා ප‍්‍රසිද්ධ විදුහලකි. එදා එය ප‍්‍රසිද්ධ වූයේ පොල් අතු ඉස්කෝලේ නමිනි. මෙහි වර්තමානයේ දක්නට ලැබෙන්නේ සමුපාකාර ගොඩනැගිල්ලයි. එම ස්ථානයේ නව පාසල් ගොඩනැඟිල්ල ඉදි වූ පසු සිද්ධාර්ථ මහා විදුහල නමිනි නම් කොට පාසල පවත්වාගෙන යනු ලබයි. එතෙක් පාසලට අයිතිව තිබූ පැරණි පාසල් ගොඩනැගිල්ල සහිත ඉඩම් කොටස දිවුරුම් බෝධිමලූ විහාරය ට පවරන ලද්දේ අනුනායක ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ මෙම කාලය තුළදී ය. වර්තමානයේ දී දැකගත හැකි ආවාස ගේ ගොඩනංවන ලද්දේ ද මෙම නායක ස්වාමීන් වහන්සේ විසිනි.
ජනප‍්‍රවාදගත තොරතුරු
පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ සිට යුක්තිය අයුක්තිය පසිඳලන ස්ථානයක් ලෙසට මෙම බෝධීන් වහන්සේ මුල් කරගෙන කටයුතු කළ බවට ද ජනප‍්‍රවාද වල සඳහන් වේ. එම කටයුතු කරගෙන යාම සඳහා උපකාර වූ දිව්රුම් ගල අද ද අපට දැක ගැනීමට හැකිය. එය මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය ට සාක්ෂියකි. දඹදෙණි රජ කළ පරාක‍්‍රමබාහු රජතුමාගේ අසනීපය සුව වූයේ ද බෝධියට භාරයක් වීමෙන් බව පැවසේ. ඉන් සතුටට පත් රජතුමා භාරහාර ඔප්පු කිරීමට ඉඩකඩම් පූජා කළ බව ද සඳහන් වේ.
මෙවන් මහානුභාව සම්පන්න වූත්, විරාජමාන වූත්, ඓතිහාසික දිවුරුම් බෝධිරාජයාණන් වහන්සේගේ ඇති සත්ත බලය මත එම බලය පෙන්වීම සඳහා ඊට අධිගෘහිත නාගයෙක් සිටි බව මෑතක් වනතුරුම ජනප‍්‍රවාදයේ එන ප‍්‍රකට කරුණකි. කළ වරද බරපතළ නම් පඩි පෙළින් බසින්න ට ප‍්‍රථම මෙම නාගයා දෂ්ට කරන බවත් ජනප‍්‍රවාදයේ පැවැත එයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එයින් මුදවා ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිණ දිවුරුම් දුන් විට නාගරාජයා ඔවුන් අභියසට පැමිණ පෙනී සිටියෙන් ඔවුන් මැරෙනතුරුම මත්පැන් පානය නොකළ බවත් එදා පටන් බෝධීන් වහන්සේගේ සියලූ කටයුතු සිදු කළ බවටත් එම පරම්පරාවෙන් පැවත එන්නන් අද ද සිහිපත් කරන්නේ ගෞරව මුසු භක්තියකිනි. තවද ගොම බාගයක් රැුගෙන කාන්තාවක් වැරදීමකින් මළුව මැදින් ගිය බැවින් එම කාන්තාවට නාගයා දෂ්ඨ කළ බවත් එයින්ම ඇය මියගිය බවත්, වර්තමානයේ ජනතාව අතර ද ඉතාමත් ප‍්‍රසිද්ධ කතාවකි. මෙවන් කරුණු ජනප‍්‍රවාදයේ පවතින නිසා ජනතාව ඉතාම පිරිසිදුව මෙම ස්ථානයට පැමිණීමට හේතු විය. බෞද්ධයින් තමන්ට පිහිට පතා භාර වීම, බෝධි පූජා පැවැත්වීම, මෙම බෝධීන් වහන්සේ වටා මහත් ගෞරව සම්ප‍්‍රයුක්ත භාවයෙන් කරනු ලබන බව දක්නට ලැබේ. මේ හේතුව නිසා මෙම ඓතිහාසික බෝධීන් වහන්සේ අවට ජීවත්වන පරම්පරා ගණනක ජනතාවගේ බෞද්ධ සංකේතයක් බවට මෙම බෝධීන් වහන්සේ පත්ව ඇත.
මහජනතාවගේ අති ගෞරවයට පත්වූ මහානුභාව සම්පන්න වූ මෙම බෝධීන් වහන්සේ ප‍්‍රධාන ශාඛා තුනකට බෙදී ඇති බව පෙනේ. එම බෙදී ඇති ශාඛා තුන විහාරයේ ගොදුරු ගම්මාන දෙසට හැරී විරාජමානව වැඩ වෙසෙන බව සැදැහැතියන්ගේ විශ්වාසයයි. ගමේ යම් කොටසකට විපතක් සිදුවන්නේ නම් එම දිශාවට විහිදී ඇති බෝධි ශාඛාවක් පතිතවී අනතුර පිළිබඳව කලින් පෙන්වා දෙයි. එවිට එම ප‍්‍රදේශවාසීන් එකතුව සෙත් පිරිත් කියවා බෝධි පූජා පවත්වා එම අනතුරින් තමන්ව මුදවාගෙන ප‍්‍රදේශය බේරා ගන්නා ලෙසට බෝධීන් වහන්සේ අධිගෘහිත දෙවියන්ට කන්නලව් කොට ඇය ද සිටී. එය ඒ ආකාරයෙන් ම සිදු වන බව ජන විශ්වාසයයි. මෙලෙස බෝධීන් වහන්සේ හාස්කම් පිරුණු පූජනීය සංකේතයක් ලෙසට විරාජමානව අදද වැඩ වසනු පෙනේ.
දිව්රුම් ගල
ඉරහඳ සහිතව කොට ඇති දිව්රුම් ගල පුරාතනයේ අධිකරණ ස්ථානයක් ලෙසින් සලකා කටයුතු කළ බව ඒත්තු ගැන්වෙන ප‍්‍රබල සංකේතයකි. මෙම ගලෙහි අත තබා දිවුරලා තමන් නිවැරැුදි බව හෝ වැරදි බව එම තැනැත්තන් ප‍්‍රකාශයට පත් කොට ඇත. තවද දඹදෙණි යුගයේ රජකළ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමාට වික්කල රෝගය සුවපත් වූයේ බෝධීන් වහන්සේට බාරහාර වීමෙන් පසුව බව ඉහත දී ද සඳහන් විය. ඉන් උද්දාමයට හා ප‍්‍රබෝධයට පත් රජතුමා බාරය ඔප්පු කළේ ඉඩකඩම් හා දිවුරුම් දීම සඳහා ඉර හඳ කෙටුම් ගලක් සමඟ ව ජනවහරේ ප‍්‍රචලිතව පවතී. මෙකී පූජා කළ ඉඩකඩම් ඉරහඳ පවතිනා තුරු බෝධීන් වහන්සේට පූජා වේවායි ප‍්‍රාර්ථනා කරමින් බව එහි වැඩිදුරටත් සඳහන් වේ. මේ අනුව දිව්රුම් ගල අදටත් පවතින නිසාවෙන් මෙවන් ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍යතාව මනාව පසක් කර ගැනීමේ හැකියාව පවතී. මුල්කාලයේ මෙම දිවුරුම් ගල උතුරු දිශා මුඛ ව පිහිටා තිබුණත් වර්තමානයේ එය බස්නාහිර දිශා මුඛ ව පවතින බවක් දක්නට ලැබෙයි. මෙම විහාරස්ථානයේ වටිනාකම බොහෝ විට රැඳී පවතින්නේ බෝධීන් වහන්සේත් මෙම දිවුරුම් ගලත් නිසාවෙනි.
කුරහන් ගල
විහාර මන්දිරය නිර්මාණය කිරීමටත්, චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමටත් අවශ්‍ය වූ වැලි අඹරා ගන්නා ලද්දේ මෙම කුරහන් ගල ආදාරයෙනි. එයද මෙහි ඓතිහාසික බවට සාක්ෂි දරයි.
චෛත්‍යය
බුද්ධ මන්දිරය
සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ඊ. එල්.බී. හුරුල්ලේ මහතා මෙම විහාරස්ථානය සහ බුදු ගෙය සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති ඓතිහාසික නාමාවලියට ඇතුළත් කරන ලදී. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැති ඇතුව මෙම බුද්ධ මන්දිරයේ සියලූම අලූත්වැඩියා කටයුතු කිරීමට බලය පැවරී ඇත. මෙම මහා බුද්ධ මාලිගයේ සියලූම පිළිම වහන්සේලා නෙළා ඇත්තේ චිත‍්‍රා නැමැති සිත්තරෙකු බව ජනප‍්‍රවාදයේ සටහන්වී ඇත.
කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ ඉතාම මනරම් බුද්ධ මන්දිරයක් ලෙස මෙය සඳහන් කළ හැකිය. එය එතරම්ම දර්ශනීයව ආකර්ෂණීය බොදු සිත් බොදු හැඟුමින් පුබුදුවාලන මනරම් වූ බුද්ධ මන්දිරයකි. ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව සමාධි ඉරියව්වෙන් නිර්මාණය කර ඇත. සැතපෙන පිළිම වහන්සේ සහ සූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා සහිත වූ බුද්ධ මන්දිරය තුළට පිවිසෙන විටම සැදැහැතියන් සිත් සැනසෙන්නේ බුද්ධාලම්බන ප‍්‍රීතියෙනි. මකර තොරණ සහිත වූ දොරටුව ද කියාපාන්නේ සිතට ගෞරව මුසු භක්තියකි. බුද්ධ මන්දිරයේ වටා ඇති බරාදය කොටසද බුද්ධ මන්දිරයට විශාල ආලෝකයක් ගෙන එනු ලබයි. දස පාරමී දම් පුරන සමයේ බෝසතාණන් වහන්සේ ගත කළ දුෂ්කර ජීවිතය පිළිබඳ තොරතුරු බිඳක් හෝ දැන ගැනීමට බොදුනුවන්ට හැකියාව ලැබේ. බෝසතාණන් වහන්සේ සත් සතිය ගතකල ස්ථාන පිළිබඳව සහ පිරිනිවන් මංචකයේ පිළිබඳව දකින විට වුවද සිත තුළට කරුණාව දයාව නිරතුරු ව පහල වන ආකාරයට සිතුවම් සහ මූර්ති නෙළා ඇත.
බුද්ධ මන්දිරයට ඉදිරිපිට දක්නට ලැබෙන හේවිසි මණ්ඩපයේ ද පෞරාණික භාවයේ සංකේතයෙකි. ගලින් නිම වූ කුළුණු 4ක් සහිත මෙම පෞරාණික මණ්ඩපය ඉතා අලංකාර අයුරින් කැටයම් කර ඇත.
ධර්ම ශාලාව
අතීතයේ මෙම ධර්ම ශාලාව පිහිටි බිම් කොටස අයතු තිබුණේ දළුක්ගොල්ල රජ මහා විහාරයටය. ගමත් පන්සලත් අතර මේ නිසා මතභේද ඇති වූයෙන් පසුව එහි පරිපාලන කටයුතු දඩු ගුණ රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය හිප්පල නායක ස්වාමීන් වහන්සේ විසින් එවකට උඩරට පාර්ශවයේ මහ නායක හිමි ලෙස කටයුතු කළ අතිපූජ්‍ය පුරිජ්ජල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේට පවරා දෙන ලදී. එයින් පසු එතෙක් පැවති මතභේද තුරන් වූයෙන් ඉන්පසු කූඹියන්ගොඩ මුල් මහා විහාරයට අනුබද්ධව වැඩ විසූ පූජ්‍ය මීරුප්පේ සෝමානන්ද ලොකු හාමුදුරුවන්ට පවරන ලදී. උන්වහන්සේ විසින් විශාල කුළුණු සහිත මැද හතරැුස් කොටුව සහිත කොටස සහ දෙවැනි හතරැුස් කොටුව සහිත කොටස සාදා ධර්ම ශාලාවක් ලෙස ස්ථාපනය කරන ලදී. ඉන්පසුව එහි වැඩ විසූ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහා ස්වාමින්වහන්සේ, මාතලේ ශාසනතිලක ස්වාමීන් වහන්සේ විසින් වට බරාදයේ සහිත කොටසක් ඇතුළත් කොට සාදා උලූ සෙවිලි කොට වැඩ නිමවා වර්තමානයේ දක්නට ලැබෙන අයුරින් වැඩ අවසන් කරන ලදී.
පැරණි සංඝාවාසය, ධාතු මන්දිරය, පුස්තකාල ගොඩනැගිල්ල සහිත දෙමහල් ගොඩනැගිල්ල
අතීතයත් වර්තමානයත් යා කරමින් පවතින වළාකුළු බැම්ම විහාරස්ථානය ඉතිහාසය කියාපාන නිහඬ ස්මාරකයකි. විශේෂයෙන්ම විහාරස්ථානය පෞරාණිකත්වයට උරුමකම් කියන සංඝාවාස ගොඩනැගිල්ල සහ පැරණි වලාකුළු බැම්ම අදටත් දැකගත හැකිය. වර්තමාන විහාරාධිපති ධූරය උසුලන පූජ්‍ය කොළඹිස්සේ තිලකසිරි ස්වාමීන් වහන්සේ සහ දායක සභාව විසින් එම පෞරාණික වස්තූන් දෙකම ආරක්ෂා කර ගනිමින් නව දෙමහල් ගොඩනැගිල්ල දර්ශනීය අන්දමින් නිර්මාණය කර ගොඩනගා ඇත. විහාරස්ථානයට අඩුපාඩුවක් ව තිබූ පුස්තකාල ශාලාවක් සහ ධාතු මන්දිරයක් මෙහි ඉතාමත් අලංකාර අන්දමින් ඉදිකර ඇත.
බෝධිය නිසා බැබලූණු - ‘දිවුරුම් බෝධිය’
පෙර රජ දරුවන් දිවුරුම් බෝධිය රාජකීය කටයුතු සඳහා භාවිතා කර ඇත. යුක්තිය අයුක්තිය පසිදලන ස්ථානයක් ලෙස මෙම ස්ථානය ලොවට ප‍්‍රසිද්ධ වූයේ පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ සිටය. මහනුවර රාජ්‍ය සමයේ දී දිවුරුම් බෝධීන් වහන්සේ ඉදිරිපිට නඩු අසා එහි පැමිණිලිකරුවන් විත්තිකරුවන් සාක්ෂිකරු තම තමන්ගේ ප‍්‍රකාශයන් සත්‍ය බවට ප‍්‍රකාශ කර දිවුරුම් දීමට පැමිණි මෙම ස්ථානයටයි. එම නිසා මෙම ස්ථානය දිවුරුම් බෝධිය නමින් ප‍්‍රසිද්ධ විය.
අපරාධ විනිශ්චය හා ‘දිවුරුම් බෝධිය’
මහනුවර රාජ්‍ය සමය වන විට (පළමුවන විමලධර්මසූරිය රජුගේ සිට * රාජකීය දඩුවම් ක‍්‍රියාත්මක කළ ස්ථානයක් ද මෙකී ගමන් මාර්ගය තුළ ම පැවතීම ද මෙකී වැදගත් කමක් තවත් තීව‍්‍ර කරන ප‍්‍රබල සාධකයකි. විශේෂයෙන් ම අපරාධකරුවන් ව මහනුවර රජවාසල සිට කෙලින්ම රැුගෙන ආවේ මෙම ස්ථානය වෙත බව ජනප‍්‍රවාදයේ සදහන් වේ. ඒ දිවුරුම් බෝධියේ දී ඔවුනට දිවුරුම් දීම සඳහා ය. දිවුරුම් දීමේ ක‍්‍රියාවලිය ඔස්සේ සිදුවන්නට ඇත්තේ වැරදිකරු හා නිවැරදිකරු නිවැරදිව හඳුනා ගැනීමට සාපේක්ෂව නෛතික ව්‍යුහය තුළ වූ විධිමත් ක‍්‍රියා පටිපාටිය ක‍්‍රියාත්මක කිරීමයි. සැකකරුගේ පාපොච්චාරණය හා වැරදිකරු හඳුනා ගැනීම ආදිය තුළින් ඉනික්බිතව මරණ දඬුවම ලබා දුන්නේ නම් ඒ ලබා දුන්නේ මෙම විහාරයේ සිට කිලෝමීටර් තුනක් පමණ ඈතින් වූ වර්තමාන ‘ලෙවුල’ නමින් හැඳින්වෙන ස්ථානයේ දී බව ජනප‍්‍රවාදගත තොරතුරු සඳහන් වේ. ‘ලේ උල’ පසුව ‘ලෙවුල’ වූ බවත් මියගිය පුද්ගලයන්ගේ සිරුර විසිකළ වල අතීතයේ දී ‘කැත වල’ ලෙස හැදින් වූ බවත්, පසුව එය කැටවල වූ බවත් සඳහන් ය. විමර්ශනය කරන ලද කරුණු කාරණා වලට අනුව පෙනී යන්නේ මහනුවර රාජධානි සමය තුළ ක‍්‍රියාත්මක වූ අපරාධ විද්‍යාත්මක පසුබිම මනාව අවබෝධ කර ගැනීමෙහි ලා මෙම විහාරය සතු පුරාවිද්‍යාත්මක වටිනාකම ද මහත් සේ ඉවහල් වන බවයි.
විහාර සිතුවම්
සූවිසි විවරණ සිතුවම් අම්පිටිය දිව්රුම්බෝධිමලූ විහාරස්ථානය ආශ‍්‍රිතව දැකගත හැකි විශිෂ්ට සිතුවමකි. සූවිසි විවරණ එනම් අප ගෞතම මුනිදුන් අතීත බුදුවරුන් විසි හතර දෙනකු වෙතින් බුදු වීම පිණිස ලද අවසරයයි.
කේ. එම්. ජී. අර්ජුන මානගේ
පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment