August 2020 - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Aug 25, 2020

නුවර අහස යට

10:27 AM 0
නුවර අහස යට

 ගස කොළ යටින් දිවෙනා සුදු වැලි    පාර   

කෙළවර ඔබට හමුවෙනු ඇත මහ      පාර

පිච්චී බිඳක් උණු වී දිලිසෙන              තාර

පාර කියයි නුවරට අඩියක්                 නෑර


සේනානායක වීදියෙ කෙළවර                ට

යන්න සෙමින් බඩුකඩ ඇති පේළිය        ට

දෙනෙත් යොමනු එම වීදියෙ කෙළවර    ට

වළාබැම්ම ඇති එහි පෙනෙනා සුද           ට