නොකිළිටි සිතින් දහම දකිමු
දීඝ නිකායේ මහා වග්ගයෙහි ‘මහා සතිපට්ඨාන සූත්‍රය’
හා මජ්ඣිම නිකායේ ‘සතිපට්ඨාන සූත්‍රය’ යන තන්හි “එකායනො
අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොක පරිද්දවානං සමතික්මාය, දුක්ඛ
දොමනස්සානං අත්ථඞ්ගමාය
ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස, සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා” හි
සතිපට්ඨානය නම්, සතිය හෙවත් සිහිය මනා අරමුණෙහි පිහිටුවීම ය. සතර සතිපට්ඨානය මනා
සේ වැඩීම, රාග මෝහාදියෙන් පිරිසිදු වීම පිණිස, සෝක පරිදෙවයාගේ ඉක්මවීම පිණිස,
කායික මානසික දුක් නැති කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධය පිණිස,
නිර්වාණය ප්රත්යක්ෂ කිරීම
පිණිස ඇති ඒකායන මාර්ගයයි, ඒ සතර සතිපට්ඨාන සූත‍්‍රයෙහි චිත්තානුපස්සනාවට පසුව එන,
දහම අනුව සිහිය යොමු කර දහම මනාව වටහා ගැනීමෙන්, මනාව වැඩීමෙන් සිහිය යොමුකර
පිහිටුවීම ධම්මානුපස්සනාවයි. ධම්මානුපස්සනාව මෙසේ මනා සිහියෙන් යුතුව මනාව
වැඩීමෙන් නිවන් මඟ පසක් කර ගත හැකිය.