ශ්‍රද්ධාව යනු විශ්වාසය පැහැදීම ප්‍රසාදය ආදි අර්ථයන්හි ගැනේ. ශ්‍රී
සුමංගල ශබ්ද කෝෂයට අනුව ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට
අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන්
ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත
(ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා)...