අහසේ පායන සඳුගේ ගමන මුල්කොට
එළඹෙන පෝය දින හෙවත් උපෝසථ දින උදාව විශේෂ ආගමික වතාවත්හි යෙදීම පිණිස බුද්ධ කාලයට
පෙරාතුව සිටම වෙන්ව තිබිණ. වෛදිකයෝ අමාවක හා පුර පසළොස්වක දින උපෝසථ දින වශයෙන්
සලකා යාග හෝම පැවැත්වීමට යොදා ගත්හ. ජෛනයෝ ද මෙදින, ගෘහ
ජීවිතයෙන් මිදී ව‍්‍රත සමාදානයෙහි යෙදුනාහ. අපමහා බෝසතාණන් බෝසත් කාලයේදී තවුසකුව
උපන් කල්හි තිරිසන් සතුන් ද උපෝසථයෙහි...