සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, චතුරාර්ය සත්‍යයාවබෝධය ලබා සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළේ දඹදිව බුද්ධගයාවේ ඇසතු (අස්වත්ථ) බෝරුක් මූලයේදීය. එසේ සම්බෝධියට පැමිණ පළමුවන දෙවන දෙසතිය අනිමිෂලෝචන පූජාවෙන්, කෘතගුණවේදිත්වය දැක්වීමේ අගය ලොවට විදහා දක්වා වදාළේත්, ජයසිරි මහා බෝමැඩ සෙවණේ සිටය.
...
Dec 3, 2017
Nov 3, 2017
ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:25 AM
0
ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් වශයෙන් සැලකේ. ප‍්‍රථම ධර්මධූත පිරිස ධර්ම ප‍්‍රචාරය ඇරඹීම, තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑම, යන සුවිශේෂී ශාසනික කරුණු සිදුවීමත් පසුවස්...
Oct 5, 2017
වප් මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:49 AM
1
මහින්දාගමනයෙන් පසු ලක්දිව උපාසක උපාසිකවෝ පෝය දිනයන්හි මෙලොව පරලොව සැප පිණිස විවිධ ආමිෂ හා ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදුනාහ. කාය වාග් සංයමය හා චිත්ත පාරිශුද්ධිය උදෙසා අටසිල්, දසසිල් සමාදන් වූහ. සෑගිරියේ ලෙනක පෝය දින අටසිල් සමාදන් වූ සද්ධාතිස්ස රජතුමා එක් දිනෙක මුළු රැුයක්ම බණ අසන පිරිස් අතර සිටගෙනම බණ ඇසූ බවත්, වසභ, උපතිස්ස, දාඨෝපතිස්ස, ධාතුසේන වැනි අපේ රජ...
බිනර මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:39 AM
1
බිනර මාසය වස්සාන සෘතුවට අයත් නිසිලෙස වැසි ලැබී ගහ කොළ දළුලා වැඩෙන මාසයකි. ගොඩ මඩ දෙකම සරුසාරව නව බීජ වගාවට සැකසෙන මාසයකි. සොබා දහමේ චමත්කාරය මතුකර දැක්වෙන මාසයකි. මිනිසුන් පමණක් නොව සතා සිවුපාවුන්, කුරුල්ලන් හා ගහකොළ ඇතුළු සමස්ත පරිසරය සෞම්‍යවත් බවින් හා සුන්දරත්වයෙන් පිබිදෙන මාසයකි. මෙනයින් බලන විට බිනර මාසය සිත කය දමනය කොට සන්සුන් ඉඳුරන් ඇතිකර ගැනීමට...
නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:33 AM
0
අනෙකුත් පෝය දිනයන් මෙන්ම නිකිණි පෝය දිනය ද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත් පෝය දිනයකි. භික්ෂූන් වහන්සේ නිකිණි අවපෑලවියට පොහොය කොට නිකිණි පුන් පොහෝදා පසු වස් එළඹීම හා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවීම යනාදි ඉතා සුවිශේෂි කරුණු කාරණා කීපයක්ම නිකිණි පෝය දිනය මුල් කොට ගෙන සිදු වි...
ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:30 AM
0
ඇසළ පෝය ඉන්දියාවේ පුරාණෙයේ පටන් පැවතගෙන ආ ආෂාඪ උත්සවය මුල්කොට ඇසළ උත්සවය ඇරඹිනැයි සැලකේ. ඇසළ උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල්කොට උත්සව පැවැත්වීමටත් යොදාගෙන ඇත. ජාතකට්ඨ කථාවේ ද පුරාතන ඉන්දියාවේ ඇසළ මාසයෙහි පැවති නැකැත් සැණකෙළියක් ගැන සඳහන් වේ. කිඹුල්වත්පුර සතියක් පුරා පැවති එම සැණකෙළියට සුද්ධෝදන...
Jun 8, 2017
පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:14 AM
0
සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහෝ දිනය, ඉතා වැදගත් වන්නාසේම විශේෂයෙන් ලක්වැසි බෞද්ධයනට පොසොන් පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී පොහෝ දිනයක් වන්නේය. සිදුහක් කුමරු උයන්කෙළි පිණිස ගොස් එද්දී දුටු පෙරනිමිති සතරෙන් තෙවන පෙරනිමිත්ත වූ මරණය දැක සසර කල කිරුනේ ද පොසොන් පොහෝ දිනයක...
May 10, 2017
වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනය
Sanka Indranath
10:16 AM
0
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප‍්‍රථම නියත විවරණය ලැබූයේත්, සිදුහත් කුමර සමයේ ව්‍යාධි (රෝගියෙක්) දැක සසර කලකිරුණේත් ලක්දිව සොළොස්මස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට...
Apr 10, 2017
බක් මස පුර පසළොස්වක පොහොය දිනය
Sanka Indranath
8:59 AM
0
උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බෞද්ධ උපාසක උපාසිකාවෝ සීල ගුණයෙන් පේවි ධර්මානුකූලව සිත මෙහෙයවා මානසික කායික සුවය...
Mar 12, 2017
මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය
Sanka Indranath
2:29 PM
0
මැදින් මස පුර පසළොස්වක පෝය දිනය ද සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයකි. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා සිදු කළාක් මෙන් ප‍්‍රවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග‍්‍රහය පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි....
Feb 10, 2017
නවම් මස පුරපසළොස්වක පොහොය දිනය
Sanka Indranath
10:11 AM
0
නවම් පුර පසළොස්වක පොහොය දිනය ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අති උදාර පූජනීය දිනයක් වශයෙන් සැලකේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වෙත අග‍්‍රශ‍්‍රාවක තනතුරු ප‍්‍රදානය, ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය (සංඝ සම්මේලනය) සිදුවීම, ශාසනයේ පැවැත්ම සලකා ”ඕවාදපාතිමොක්ඛය” දේශනා කිරීම, චාපාල චෛත්‍යය වෙත වැඩම කොට ආයුසංස්කාරය හරිමැයි තීරණය කිරීම යනාදී ශාසනික වූත් අතිපූජනිය...