Showing posts with label දහම. Show all posts
Showing posts with label දහම. Show all posts
Feb 6, 2017
Sep 13, 2016
Nov 18, 2014
බුදු දහමින් හෙළිවන නව චින්තනය
Sanka Indranath
11:18 AM
0
ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ වර්ධනය වෙමින් පැවති සෙසු
භාරතීය ආගම් මඟින් ඉදිරිපත් කළ ආගමික දර්ශණය තුළ පවත්නා නව්‍ය පෞරුෂය කුමක් ද ?
යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
ලෝකයේ කිනම් රටක් හෝ, ආගමක් හෝ, සංස්කෘතිකයක් හෝ,
ආයතනයක් ප්‍රභාමික වන්නේ සමකාලීන සාමාජික අවශ්‍යතාවයන් අනුවයි. එම අවශ්‍යතාවයන්ගෙන්
තොරව ඉදිරිපත් කරනු ලබන ආගම හෝ සංස්කෘතික ආයතනය සමාජ සංසුගතියට හේතු නොවේ. එනම් ඒ
සමාජය පිළිගැනීමට පාත්‍ර නොවේ. ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුන් වහන්සේ දඹදිව පහළවූයේ
කාලයක් මුළුල්ලේ විකාශනයට පත්වෙමින් පැවති
ආගමික මතවාද රැසක් ක්‍රියාත්මක වෙමින් පැවති අවධියෙකයි. ඒ නිසා බුදු දහමේ ප්‍රභවය
යුග කාරක සිද්ධියක් හෙවත් අභිනව යුගයෙක උදාවක් වශයෙන් හඳුන්වා දිය හැකිය. සුළු
කාලයක් තුළ සෙසු ආගම් මැඩගෙන බුදු දහම භාරතීයන් අතර ව්‍යාප්ත වී ගියේ එහි පැවති නව
චින්තනය නිසා බව කිව හැක. බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකයින් ඉදිරිපත් කර
තිබූ ඇතැම් ආගමික ඉගැන්වීම් කෙලින්ම ප්‍රතික්ෂේප නො කොට බෞද්ධ ආකල්ප ගන්වා
ඉදිරිපත් කිරීම නිසා ක්‍රමයෙන් එම ඉගැන්වීම් ජනතාව අතර පැතිර වීමට හැකි විය. මේ
අනුව නිදසුනක් වශයෙන් මෙකල පැවති බහුදේව වාදී සංකල්පය දැක්විය හැකිය. පැරණි මතවාද
නව ආකල්පයක් ගන්වා ඉදිරිපත් කිරීම බෞද්ධ චින්තනයේ විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.
