උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බෞද්ධ උපාසක උපාසිකාවෝ සීල ගුණයෙන් පේවි ධර්මානුකූලව සිත මෙහෙයවා මානසික කායික සුවය හා විවේකය අත්කර ගැනීම සඳහා මෙම පොහොය දිනය යොදා ගනිති.
Showing posts with label බක්. Show all posts
Showing posts with label බක්. Show all posts