බිනර මාසය වස්සාන සෘතුවට අයත් නිසිලෙස වැසි ලැබී ගහ කොළ දළුලා වැඩෙන මාසයකි. ගොඩ මඩ දෙකම සරුසාරව නව බීජ වගාවට සැකසෙන මාසයකි. සොබා දහමේ චමත්කාරය මතුකර දැක්වෙන මාසයකි. මිනිසුන් පමණක් නොව සතා සිවුපාවුන්, කුරුල්ලන් හා ගහකොළ ඇතුළු සමස්ත පරිසරය සෞම්‍යවත් බවින් හා සුන්දරත්වයෙන් පිබිදෙන මාසයකි. මෙනයින් බලන විට බිනර මාසය සිත කය දමනය කොට සන්සුන් ඉඳුරන් ඇතිකර ගැනීමට සුදුසුතම මාසයක් වන්නේය.
Showing posts with label බිනර. Show all posts
Showing posts with label බිනර. Show all posts
