ශ්‍රද්ධාව යනු විශ්වාසය පැහැදීම ප්‍රසාදය ආදි අර්ථයන්හි ගැනේ. ශ්‍රී
සුමංගල ශබ්ද කෝෂයට අනුව ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට
අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන්
ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත
(ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා) ශ්‍රද්ධචර්යා (බලවත් ශ්‍රද්ධාවෙන්
යුත් චරිතය) ශ්‍රද්ධා දෙය (සැදැහැයෙන් දෙන ලද) ශ්‍රද්ධා ධන (ධනයක් වැනි වූ ශ්‍රද්ධාව)
ශ්‍රද්ධා ධුර (ප්‍රධාන කාර්යය වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා
ප්‍රතිලාභ (ශ්‍රද්ධාව ඇතිවීම) ශ්‍රද්ධා බල (ප්‍රතිපක්ෂ ධර්මයන්හි නොසැලීම) ශ්‍රද්ධා
බීජ (ශ්‍රද්ධාව නමැති බිජුවට) ශ්‍රද්ධාමාත්‍ර (ශ්‍රද්ධාවම) ශ්‍රද්ධා මූලික (ශ්‍රද්ධාව
මුල්කොට ඇති) ශ්‍රද්ධා වත් (ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධා බහුල කොට ඇති සමහර ආශ්‍රවයන්
ගෙන් මුදිනු ආර්යය පුද්ගලයා) ශ්‍රද්ධාහස්ත (ශ්‍රද්ධාවන්ත අත) යනුවෙන් අර්ථ කිහිපයක
ශ්‍රද්ධාවේ යෙදුනු දක්නට හැකිය.
Showing posts with label ශ්‍රද්ධාව. Show all posts
Showing posts with label ශ්‍රද්ධාව. Show all posts
