ඇසළ පෝය ඉන්දියාවේ පුරාණෙයේ පටන් පැවතගෙන ආ ආෂාඪ උත්සවය මුල්කොට ඇසළ උත්සවය ඇරඹිනැයි සැලකේ. ඇසළ උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල්කොට උත්සව පැවැත්වීමටත් යොදාගෙන ඇත. ජාතකට්ඨ කථාවේ ද පුරාතන ඉන්දියාවේ ඇසළ මාසයෙහි පැවති නැකැත් සැණකෙළියක් ගැන සඳහන් වේ. කිඹුල්වත්පුර සතියක් පුරා පැවති එම සැණකෙළියට සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසිය වූ මහාමායා බිසව ද සහභාගි වූ බව කියැවේ.
Oct 5, 2017
Jun 8, 2017
May 10, 2017
වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනය
Sanka Indranath
10:16 AM
0
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප‍්‍රථම නියත විවරණය ලැබූයේත්, සිදුහත් කුමර සමයේ ව්‍යාධි (රෝගියෙක්) දැක සසර කලකිරුණේත් ලක්දිව සොළොස්මස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්හ බවට පත්කළේත්, ලාට රට විජය කුමරු සත්සියයක් පිරිස සමග මෙලකට පැමිණ සිංහල ජාතින ආරම්භ කළේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.
Apr 10, 2017
බක් මස පුර පසළොස්වක පොහොය දිනය
Sanka Indranath
8:59 AM
0
උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බෞද්ධ උපාසක උපාසිකාවෝ සීල ගුණයෙන් පේවි ධර්මානුකූලව සිත මෙහෙයවා මානසික කායික සුවය හා විවේකය අත්කර ගැනීම සඳහා මෙම පොහොය දිනය යොදා ගනිති.
Mar 12, 2017
මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය
Sanka Indranath
2:29 PM
0
මැදින් මස පුර පසළොස්වක පෝය දිනය ද සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයකි. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා සිදු කළාක් මෙන් ප‍්‍රවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග‍්‍රහය පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි. බුදු වී වසරක් ගත වූ තැන ය.
Feb 10, 2017
නවම් මස පුරපසළොස්වක පොහොය දිනය
Sanka Indranath
10:11 AM
0
නවම් පුර පසළොස්වක පොහොය දිනය ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අති උදාර පූජනීය දිනයක් වශයෙන් සැලකේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වෙත අග‍්‍රශ‍්‍රාවක තනතුරු ප‍්‍රදානය, ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය (සංඝ සම්මේලනය) සිදුවීම, ශාසනයේ පැවැත්ම සලකා ”ඕවාදපාතිමොක්ඛය” දේශනා කිරීම, චාපාල චෛත්‍යය වෙත වැඩම කොට ආයුසංස්කාරය හරිමැයි තීරණය කිරීම යනාදී ශාසනික වූත් අතිපූජනිය වූත් වැදගත් ශාසනික කරුණු රැුසක් සිදුවී ඇත්තේ නවම් මස පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙනය.
