ශ්රී ලාංකීය ආරාම පිළිබඳව අධ්‍යයනය යොමුකිරීමේදී එහි විධිමත් වූ නිර්මිත පාරිසරික ස්වභාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ අනුරාධපුර මහා විහාර ආශ‍්‍රිතව ය. මෙම අනුරාධපුර මහා විහාර සංකීර්ණ ස්ථාපිත වී ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට ආසන්නවම වළල්ලක් ලෙස ය. මේ රාජකීය අනුග‍්‍රහය යටතේ වර්ධනය වූ නිර්මිත පරිසරයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී පමණ මුල් ම ආරාම සංකීර්ණය වූ අනුරාධපුර මහා විහාරයට සමගාමීව පසුකාලීනව අනෙකුත් විහාර සංකීර්ණයක් ද ඉදි වීමත් නිසා පොදුවේ මෙම ආරාම සංකීර්ණ ආශ‍්‍රිත සම්ප‍්‍රදාය හැඳින්වීමට ”මහා විහාර සම්ප‍්‍රදාය” යන්න ව්‍යවහාර කෙරේ.
Sep 19, 2023
Aug 16, 2022
මහනුවර අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරයේ ඓතිහාසික පසුබිම සහ පුරාවිද්‍යාත්මක වටිනාකම
හැඳින්වීම
මහනුවර ට දියකෙළිනා වැව සැදුනේ
අම්පිටියට දිවුරුම් බෝධිය සැදුනේ
තලාතුඔයට යකඩින් පාලම සැදුනේ
ගොඩමුන්නෙට පරසිදු බණගේ සැදුනේ
- ජනවහරේ එන කවියකි -
ඓතිහාසික මහනුවර අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමලූ විහාරය සම්බන්ධව කරුණු සොයා බැලීමේදී, එය මහනුවර රාජධානි සමයට අයත් පුරාණ විහාරස්ථානයකි. වර්තමානය වන විට මෙම විහාරය පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් කරුණු කාරණා රැුසකින් සමන්විත හා මහනුවර රාජධානිය පැවති දේශපාලනික හා අපරාධ විද්‍යාත්මක තත්වය මොනවට පිළිබිඹු කර ගත හැකි පුරාවිද්‍යාත්මක ක්ෂේත‍්‍රයක් ලෙස ද හඳුනාගත හැකිය. මහනුවර රාජධානිය වන විට බුද්ධ ශාසනයේ සිදු වූ විපරිවර්තනයන් හරහා එවකට පැවති සමාජීය හා ආගමික සන්දර්භය පිළිබඳව කිසියම් විග‍්‍රහයක් ලබාගත හැකිය.
Jan 20, 2022
සම්බුදු දහම සුරක්ෂිත කළ ප‍්‍රථම ධර්ම සංගායනාව
ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තැන නිකිණි පුන් පොහෝ දිනකදීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්ම බුදුදහම සම්බන්ධයෙන් පැනනැගුණු ශාසන විරෝධී හා විනය විරෝධී දෘෂ්ඨීන් සියල්ල මුලිනුපුටා දමමින් බුද්ධ ශාසනය චිරස්ථායී කිරීමේ උදාර අභිලාෂයෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ තීරණයක් පරිදි මෙම සංගායනාව පැවැත්විණ.
එවකට විසූ සුභද්‍ර නම් භික්ෂුවකගේ විනය විරෝධී ප‍්‍රකාශයක් ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම සඳහා හේතු වූ බව චුල්ලවග්ගපාලියෙහි දක්වා ඇත.
පාවානුවර සිට කුසිනාරාවට තම පිරිස සමග වැඩම කරමින් සිටි මහාකාශ්‍යප හිමියන් හට අතරමග දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දුක්මුසු පුවත සැළ විය. ඒ පුවත ඇසූ සිහිනුවණින් යුතු භික්ෂූන් වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කළ අතර, කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේ හඬා වැළපෙන්නට විය. එකල්හි ශාස්තෘ වියෝගයෙන් වැළපෙන භික්ෂු පිරිස ඇමතූ සුභද්‍ර නම් මහලූ භික්ෂුව මෙවන් ප‍්‍රකාශයක් කළේය.
Aug 25, 2020
Jun 27, 2020
වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය
ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය
සෙංකඩගලපුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි විරාජමානව වැඩසිටින්නා වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වූ රාජපූජිත තේවා බුදු පුද චාරිත්‍ර හා පූජෝපහාර පෙරහර මංගල්ලයන් අදටත් චිරාගත සාම්ප්‍රදායානුකූල පුද සිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එනු ලබයි. එකී නන් විධ පූජා විධි අතර දෛනික තුන්වරු බුද්ධ පූජා, සතියේ බුධ දිනයෙහි නානුමුර මංගල්ලය, පසළොස්වක පොහෝ දිනයන්හි පොහෝ දින පූජා හා වාර්ෂිකව සතර මංගල්ලය ප්‍රධාන තැනක් ගනී. ඉන් වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්ලය යන සතර මංගල්ලය ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සවයන්ය.
ඇසළ පෙරහර මංගල්ලය
බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධ කාලයෙහි මෙන්ම බෝධිසත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැම දෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ. දඹදිව ධර්මාශෝක රජු දවස භාරතයෙහි පෙරහර පූජෝත්සව සංකල්පය වඩාත් ප්‍රචලිත විය. බෝධිසත්ව සමයෙහි බෝධිසත්ව චරිතයෙහි සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, චම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල් කොට නන්විධ පූජා පෙරහර පැවැත්වින. සුරාසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණ සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණ. එසේම ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක‍්ෂාවෙන් නන්විධ පූජා පෙරහර පැවැත්වූ අයුරු දක්නා ලැබේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව රජු දක්වා දළදා වහන්සේ විවිධ පුද පූජා පෙරහර පැවැත්වූහ.
Jan 1, 2018
දුරුතු මස පුර පසළොස්වක පෝය දිනය
එදින ලක්දිව මහානාග වනඋයනේ මහියංගණ ආදී ප‍්‍රදේශයන්හි බලවත්ව සිටි, කෙළෙස් බරින් බරිත වූ යක්ෂ ග්‍රෝත‍්‍රිකයන්ගේ මහා සමාගමක් පැවැත්වෙමින් තිබිණ.