දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

May 13, 2014

“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට

10:37 AM 1
“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට


ශ්‍රද්ධාව යනු විශ්වාසය පැහැදීම ප්‍රසාදය ආදි අර්ථයන්හි ගැනේ‍‍‍. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයට අනුව ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන් ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත (ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා) ශ්‍රද්ධචර්යා (බලවත් ශ්‍රද්ධාවෙන් යුත් චරිතය) ශ්‍රද්ධා දෙය (සැදැහැයෙන් දෙන ලද) ශ්‍රද්ධා ධන (ධනයක් වැනි වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ධුර (ප්‍රධාන කාර්යය වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ප්‍රතිලාභ (ශ්‍රද්ධාව ඇතිවීම) ශ්‍රද්ධා බල (ප්‍රතිපක්ෂ ධර්මයන්හි නොසැලීම) ශ්‍රද්ධා බීජ (ශ්‍රද්ධාව නමැති බිජුවට) ශ්‍රද්ධාමාත්‍ර (ශ්‍රද්ධාවම) ශ්‍රද්ධා මූලික (ශ්‍රද්ධාව මුල්කොට ඇති) ශ්‍රද්ධා වත් (ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධා බහුල කොට ඇති සමහර ආශ්‍රවයන් ගෙන් මුදිනු ආර්යය පුද්ගලයා) ශ්‍රද්ධාහස්ත (ශ්‍රද්ධාවන්ත අත) යනුවෙන් අර්ථ කිහිපයක ශ්‍රද්ධාවේ යෙදුනු දක්නට හැකිය.

Mar 28, 2014

ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු

5:05 PM 0
ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු


භාග්‍යවත් මාසය වශයෙන් හැඳින්වෙන බක් මාසය අටු කොටු පිරී සශ‍්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් ලිප ගිනි මොලවා, ආහාර පිස, වැඩ අරඹා, ආහාර අනුභව කර, ගනුදෙනු කර, නෑදෑ හිතමිතුරුකම් වඩවන අලුත් අවුරුදු දිනය උදාවනුයේ සිරිබර බක් මාසයේදීය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහිලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින්ම වැදගත් කොට සලකනු ලබයි. ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින්ම වැදගත්වන බක් මාසය දිළිඳු පැලේ සිට මහා මන්දිරයේ වෙසෙන ළමා ලපටි තරුණ මහළු සෑම සියළු දෙනා එකට එක්වී සමරණ මහා ජාතික ආගමික මංගලෝත්සවයකි.

Aug 13, 2013

ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ

1:28 PM 1
 ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ
කන්ද උඩරටට අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් ප‍්‍රචලිත උඩරට නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග‍්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප‍්‍රදායක් රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග‍්‍රහය ලබා දුන්හ. ශ‍්‍රී දළදා මාළිගාව හා අවශේෂ සිද්ධස්ථානයන් ද ශ‍්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු දේවාලයන් ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප‍්‍රදාය අදටත් රැක ගැනීමෙහි නිරත වෙයි. රාජකීය අනුග‍්‍රහය නැති වී යාමත් සම`ග එම කලා පරපුර වලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වින. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප‍්‍රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත‍්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප‍්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබීම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.

Aug 3, 2013

ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

1:08 PM 0
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

අතීත තොරතුරු

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන්ම, බෝධිසත්ත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූ‍ජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය‍ වේ. දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාගෘහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට නන්විධ පූජා පෙරහර පැවැත් වූ වග මූලාශ්‍ර තුළින් හෙළිවේ. ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතින. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසය‍ටම යෙදී තිබිණ. ඇසළ මාසයෙහි ‍නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් නන්විධ පූජා‍ පෙරහර පැවැත්වූ වග දක්නට ලැබේ.

Aug 2, 2013

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

12:43 AM 0
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි.

මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර බොහොමයක් බෞද්ධ ආගමික හා හින්දු ආගමික පුද සිරිත් සමඟ සංකලනය වී සිංහල සංස්කෘතියේ මහාර්ඝත්වය ඉස්මතු කෙරෙමින් පවතී. අද පටන් ප්‍රචාරය කෙරෙන එම අති උතුම් මංගල්ලය හා බැ‍ඳුණු ලිපි සංග්‍රහයේ පළමු ලිපිය මෙයයි.

Jul 30, 2013

නොකිළිටි සිතින් දහම දකිමු

2:30 AM 1
නොකිළිටි සිතින් දහම දකිමු
නොකිළිටි සිතින් දහම දකිමු

දීඝ නිකායේ මහා වග්ගයෙහි ‘මහා සතිපට්ඨාන සූත්‍රය’ හා මජ්ඣිම නිකායේ ‘සතිපට්ඨාන සූත්‍රය’ යන තන්හි “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොක පරිද්දවානං සමතික්මාය, දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස, සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා” හි සතිපට්ඨානය නම්, සතිය හෙවත් සිහිය මනා අරමුණෙහි පිහිටුවීම ය. සතර සතිපට්ඨානය මනා සේ වැඩීම, රාග මෝහාදියෙන් පිරිසිදු වීම පිණිස, සෝක පරිදෙවයාගේ ඉක්මවීම පිණිස, කායික මානසික දුක් නැති කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධය පිණිස, නිර්වාණය ප්‍රත්‍යක්ෂ  කිරීම පිණිස ඇති ඒකායන මාර්ගයයි, ඒ සතර සතිපට්ඨාන සූත්‍රයෙහි චිත්තානුපස්සනාවට පසුව එන, දහම අනුව සිහිය යොමු කර දහම මනාව වටහා ගැනීමෙන්, මනාව වැඩීමෙන් සිහිය යොමුකර පිහිටුවීම ධම්මානුපස්සනාවයි. ධම්මානුපස්සනාව මෙසේ මනා සිහියෙන් යුතුව මනාව වැඩීමෙන් නිවන් මඟ පසක් කර ගත හැකිය.

වේදනා මුල් සිඳ දමමු

2:21 AM 1
වේදනා මුල් සිඳ දමමු
වේදනා මුල් සිඳ දමමු

භාවනාවෙන් සිත දියුණු කර ගැනීමෙන්, කාම කෝපා‍දියෙහි නො මිනිස්කම් දුරලා උතුම් මිනිස් ගුණ වගා කර, කු` හරකකු වන් සිත දමනය කොට සංසුන් කර ගත හැකිය. එමගින් එලොව මෙලොව උභයාර්ථ සිද්ධියම සාධනය කර ගත හැකි වේ. භාවනාවෙන් මනා කොට පිහිටුවා ගත් සිතින් අවිද්‍යාවෙන් මි`දී සියලු ආකාරයෙන් සැනසිලි සුවය සදන නිවන් සුවය අත් කර ගැනීමට `ග හෙළි කර ගත හැකි වන්නේය, සමථ විදර්ශනා වඩන ඤාණවන්ත උත්සාහවන්තයාට නිවන් අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. ඒ නිසා බාල, තරුණ, මහ`ඵ කවුරුන් වුවත් දවසේ හිමිදිරි පාන්දර හෝ උදේ සවස දෙකේම හෝ කිසියම් භාවනා‍වෙක යෙදීම ජීවිතයට සැනසිල්ල, සතුට ගෙන දෙන බව වටහා ගත යුතුය.