දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Apr 19, 2015

පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය

10:11 PM 0
පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය



අහසේ පායන සඳුගේ ගමන මුල්කොට එළඹෙන පෝය දින හෙවත් උපෝසථ දින උදාව විශේෂ ආගමික වතාවත්හි යෙදීම පිණිස බුද්ධ කාලයට පෙරාතුව සිටම වෙන්ව තිබිණ. වෛදිකයෝ අමාවක හා පුර පසළොස්වක දින උපෝසථ දින වශයෙන් සලකා යාග හෝම පැවැත්වීමට යොදා ගත්හ. ජෛනයෝ ද මෙදින, ගෘහ ජීවිතයෙන් මිදී ව‍්‍රත සමාදානයෙහි යෙදුනාහ. අපමහා බෝසතාණන් බෝසත් කාලයේදී තවුසකුව උපන් කල්හි තිරිසන් සතුන් ද උපෝසථයෙහි පිහිටුවා නිවන් මග යොමුකළහැයි බෝසත් සිරිතෙන් හෙළිවේ. ඇතැම් ජාතක කථාවන්හි එන අයුරු පෝය දින මාඝාත පනවා ඇත.

මහාමායා දේවීන් ඇසළ පුන් පොහොයට සත් දවසක් ඇති කල පටන් ගෙන ..... පොහෝ දවස් ගඳ දියෙන් නහා මල් ගඳ විලවුන් ගෙනැ සව්බරණින් හැඳ සතර ලක්ෂයක් ධන විසඳා මහදන් දී වරභෝජන වළඳා පෙහෙව දිව විමන් පරයන සිරියහන් ගැබට වැද ...... (හොවනා) කල ස්වප්නයක් දුටුයනාදී වශයෙන් සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගත්තේ මහාමායා දේවිය පෙහෙවස් සමාදන්ව සිටි ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී යැයි අමාවතුර සඳහන් කරයි.

බෝධිසත්ත්ව හා බුද්ධ කාලීන භාරතීය සමාජයේ ප‍්‍රචලිතව පැවති උපෝසථ දින ආගමික චාරිත‍්‍ර ඉටු කිරීමේ සිරිත බෞද්ධ සමාජය තුළ ස්ථාපනය වූයේ, බිම්බිසාර මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ස්වාමීනි අන්‍ය තීර්ථකයන් පොහොය දිනය සිය ආගමික වතාවත්හි යෙදීමට යොදා ගන්නා බැවින් බෞද්ධයනට ද ගිහි පැවිදි දෙපක්ෂයේම යහපතට හේතුවන සේ, පොහොය දිනයන්හි ආගමික වතාවත්හි යෙදී ධර්මානුකූලව කටයුතු වල යෙදීමට, අනු දැන වදාළොත් මැනවැයිකරන ලද ඉල්ලීමට අනතුරුවය. 

Nov 18, 2014

බුදු දහමින් හෙළිවන නව චින්තනය

11:18 AM 0
බුදු දහමින් හෙළිවන නව චින්තනය
ශත වර්ෂ ගණනාවක් මුළු‍ල්ලේ වර්ධනය වෙමින් පැවති සෙසු භාරතීය ආගම් මඟින් ඉදිරිපත් කළ ආගමික දර්ශණය තුළ පවත්නා නව්‍ය පෞරුෂය කුමක් ද ? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ලෝකයේ කිනම් රටක් හෝ, ආගමක් හෝ, සංස්කෘතිකයක් හෝ, ආයතනයක් ප්‍රභාමික වන්නේ සමකාලීන සාමාජික අවශ්‍යතාවයන් අනුවයි. ‍එම අවශ්‍යතාවයන්ගෙන් තොරව ඉදිරිපත් කරනු ලබන ආගම හෝ සංස්කෘතික ආයතනය සමාජ සංසුගතියට හේතු නොවේ. එනම් ඒ සමාජය පිළිගැනීමට පාත්‍ර‍ ‍නොවේ. ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුන් වහන්සේ දඹදිව පහළවූයේ  කාලයක් මුළුල්ලේ විකාශනයට පත්වෙමින් පැවති ආගමික මතවාද රැසක් ක්‍රියාත්මක වෙමින් පැවති අවධියෙකයි. ඒ නිසා බුදු දහමේ ප්‍රභවය යුග කාරක සිද්ධියක් හෙවත් අභිනව යුගයෙක උදාවක් වශයෙන් හඳුන්වා දිය හැකිය. සුළු කාලයක් තුළ සෙසු ආගම් මැඩගෙන බුදු දහම භාරතීයන් අතර ව්‍යාප්ත වී ගියේ එහි පැවති නව චින්තනය නිසා බව කිව හැක. බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකයින් ඉදිරිපත් කර තිබූ ඇතැම් ආගමික ඉගැන්වීම් කෙලින්ම ප්‍රතික්ෂේප නො කොට බෞද්ධ ආකල්ප ගන්වා ඉදිරිපත් කිරීම නිසා ක්‍රමයෙන් එම ඉගැන්වීම් ජනතාව අතර පැතිර වීමට හැකි විය. මේ අනුව නිදසුනක් වශයෙන් මෙකල පැවති බහුදේව වාදී සංකල්පය දැක්විය හැකිය. පැරණි මතවාද නව ආකල්පයක් ගන්වා ඉදිරිපත් කිරීම බෞද්ධ චින්තනයේ විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.

Jul 12, 2014

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් 'වස් කාලය'

10:34 AM 0
කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත්  'වස් කාලය'


පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන සෘතුවෙහි, අධික ලෙස වර්ෂාව පවතී.

චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකමපාය, අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං මා එකෙන දෙව ආගමිත්‍ථ දෙසෙථ භික්ඛවෙ ධමමං ආදී කල්‍යාණං, මජොඩ කල්‍යාණං, පරියොසානං කල්‍යාණං, සාත්‍ථං, ව්‍යඤජනං තෙවල පරිපුනනං පරිසුදධං බ‍්‍රහමචරියං පතාසෙථයන බුද්ධ දේශනාවට අනුව එවකට භික්ෂූන් වහන්සේ වැසි සමයෙහි තෙමි තෙමී වුව ද, ධර්ම ජනයාගේ හිතසුව පිණිස චාරිකාවෙහි යෙදුනාහ.  එක්තැන්ව වාසය කිරීමක් සිදුවූයේ නැත.

May 13, 2014

“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට

10:37 AM 1
“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට


ශ්‍රද්ධාව යනු විශ්වාසය පැහැදීම ප්‍රසාදය ආදි අර්ථයන්හි ගැනේ‍‍‍. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයට අනුව ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන් ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත (ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා) ශ්‍රද්ධචර්යා (බලවත් ශ්‍රද්ධාවෙන් යුත් චරිතය) ශ්‍රද්ධා දෙය (සැදැහැයෙන් දෙන ලද) ශ්‍රද්ධා ධන (ධනයක් වැනි වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ධුර (ප්‍රධාන කාර්යය වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ප්‍රතිලාභ (ශ්‍රද්ධාව ඇතිවීම) ශ්‍රද්ධා බල (ප්‍රතිපක්ෂ ධර්මයන්හි නොසැලීම) ශ්‍රද්ධා බීජ (ශ්‍රද්ධාව නමැති බිජුවට) ශ්‍රද්ධාමාත්‍ර (ශ්‍රද්ධාවම) ශ්‍රද්ධා මූලික (ශ්‍රද්ධාව මුල්කොට ඇති) ශ්‍රද්ධා වත් (ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධා බහුල කොට ඇති සමහර ආශ්‍රවයන් ගෙන් මුදිනු ආර්යය පුද්ගලයා) ශ්‍රද්ධාහස්ත (ශ්‍රද්ධාවන්ත අත) යනුවෙන් අර්ථ කිහිපයක ශ්‍රද්ධාවේ යෙදුනු දක්නට හැකිය.

Mar 28, 2014

ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු

5:05 PM 0
ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු


භාග්‍යවත් මාසය වශයෙන් හැඳින්වෙන බක් මාසය අටු කොටු පිරී සශ‍්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් ලිප ගිනි මොලවා, ආහාර පිස, වැඩ අරඹා, ආහාර අනුභව කර, ගනුදෙනු කර, නෑදෑ හිතමිතුරුකම් වඩවන අලුත් අවුරුදු දිනය උදාවනුයේ සිරිබර බක් මාසයේදීය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහිලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින්ම වැදගත් කොට සලකනු ලබයි. ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින්ම වැදගත්වන බක් මාසය දිළිඳු පැලේ සිට මහා මන්දිරයේ වෙසෙන ළමා ලපටි තරුණ මහළු සෑම සියළු දෙනා එකට එක්වී සමරණ මහා ජාතික ආගමික මංගලෝත්සවයකි.

Aug 13, 2013

ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ

1:28 PM 1
 ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ
කන්ද උඩරටට අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් ප‍්‍රචලිත උඩරට නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග‍්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප‍්‍රදායක් රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග‍්‍රහය ලබා දුන්හ. ශ‍්‍රී දළදා මාළිගාව හා අවශේෂ සිද්ධස්ථානයන් ද ශ‍්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු දේවාලයන් ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප‍්‍රදාය අදටත් රැක ගැනීමෙහි නිරත වෙයි. රාජකීය අනුග‍්‍රහය නැති වී යාමත් සම`ග එම කලා පරපුර වලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වින. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප‍්‍රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත‍්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප‍්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබීම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.

Aug 3, 2013

ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

1:08 PM 0
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

අතීත තොරතුරු

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන්ම, බෝධිසත්ත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූ‍ජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය‍ වේ. දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාගෘහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට නන්විධ පූජා පෙරහර පැවැත් වූ වග මූලාශ්‍ර තුළින් හෙළිවේ. ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතින. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසය‍ටම යෙදී තිබිණ. ඇසළ මාසයෙහි ‍නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් නන්විධ පූජා‍ පෙරහර පැවැත්වූ වග දක්නට ලැබේ.