March 2017 - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Mar 12, 2017

මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය

2:29 PM 0
මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය
මැදින් මස පුර පසළොස්වක පෝය දිනය ද සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයකි. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා සිදු කළාක් මෙන් ප‍්‍රවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග‍්‍රහය පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි. බුදු වී වසරක් ගත වූ තැන ය.