2014 - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Nov 18, 2014

බුදු දහමින් හෙළිවන නව චින්තනය

11:18 AM 0
බුදු දහමින් හෙළිවන නව චින්තනය
ශත වර්ෂ ගණනාවක් මුළු‍ල්ලේ වර්ධනය වෙමින් පැවති සෙසු භාරතීය ආගම් මඟින් ඉදිරිපත් කළ ආගමික දර්ශණය තුළ පවත්නා නව්‍ය පෞරුෂය කුමක් ද ? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ලෝකයේ කිනම් රටක් හෝ, ආගමක් හෝ, සංස්කෘතිකයක් හෝ, ආයතනයක් ප්‍රභාමික වන්නේ සමකාලීන සාමාජික අවශ්‍යතාවයන් අනුවයි. ‍එම අවශ්‍යතාවයන්ගෙන් තොරව ඉදිරිපත් කරනු ලබන ආගම හෝ සංස්කෘතික ආයතනය සමාජ සංසුගතියට හේතු නොවේ. එනම් ඒ සමාජය පිළිගැනීමට පාත්‍ර‍ ‍නොවේ. ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුන් වහන්සේ දඹදිව පහළවූයේ  කාලයක් මුළුල්ලේ විකාශනයට පත්වෙමින් පැවති ආගමික මතවාද රැසක් ක්‍රියාත්මක වෙමින් පැවති අවධියෙකයි. ඒ නිසා බුදු දහමේ ප්‍රභවය යුග කාරක සිද්ධියක් හෙවත් අභිනව යුගයෙක උදාවක් වශයෙන් හඳුන්වා දිය හැකිය. සුළු කාලයක් තුළ සෙසු ආගම් මැඩගෙන බුදු දහම භාරතීයන් අතර ව්‍යාප්ත වී ගියේ එහි පැවති නව චින්තනය නිසා බව කිව හැක. බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකයින් ඉදිරිපත් කර තිබූ ඇතැම් ආගමික ඉගැන්වීම් කෙලින්ම ප්‍රතික්ෂේප නො කොට බෞද්ධ ආකල්ප ගන්වා ඉදිරිපත් කිරීම නිසා ක්‍රමයෙන් එම ඉගැන්වීම් ජනතාව අතර පැතිර වීමට හැකි විය. මේ අනුව නිදසුනක් වශයෙන් මෙකල පැවති බහුදේව වාදී සංකල්පය දැක්විය හැකිය. පැරණි මතවාද නව ආකල්පයක් ගන්වා ඉදිරිපත් කිරීම බෞද්ධ චින්තනයේ විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.

Jul 12, 2014

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් 'වස් කාලය'

10:34 AM 0
කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත්  'වස් කාලය'


පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන සෘතුවෙහි, අධික ලෙස වර්ෂාව පවතී.

චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකමපාය, අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං මා එකෙන දෙව ආගමිත්‍ථ දෙසෙථ භික්ඛවෙ ධමමං ආදී කල්‍යාණං, මජොඩ කල්‍යාණං, පරියොසානං කල්‍යාණං, සාත්‍ථං, ව්‍යඤජනං තෙවල පරිපුනනං පරිසුදධං බ‍්‍රහමචරියං පතාසෙථයන බුද්ධ දේශනාවට අනුව එවකට භික්ෂූන් වහන්සේ වැසි සමයෙහි තෙමි තෙමී වුව ද, ධර්ම ජනයාගේ හිතසුව පිණිස චාරිකාවෙහි යෙදුනාහ.  එක්තැන්ව වාසය කිරීමක් සිදුවූයේ නැත.

May 13, 2014

“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට

10:37 AM 1
“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට


ශ්‍රද්ධාව යනු විශ්වාසය පැහැදීම ප්‍රසාදය ආදි අර්ථයන්හි ගැනේ‍‍‍. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයට අනුව ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන් ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත (ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා) ශ්‍රද්ධචර්යා (බලවත් ශ්‍රද්ධාවෙන් යුත් චරිතය) ශ්‍රද්ධා දෙය (සැදැහැයෙන් දෙන ලද) ශ්‍රද්ධා ධන (ධනයක් වැනි වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ධුර (ප්‍රධාන කාර්යය වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ප්‍රතිලාභ (ශ්‍රද්ධාව ඇතිවීම) ශ්‍රද්ධා බල (ප්‍රතිපක්ෂ ධර්මයන්හි නොසැලීම) ශ්‍රද්ධා බීජ (ශ්‍රද්ධාව නමැති බිජුවට) ශ්‍රද්ධාමාත්‍ර (ශ්‍රද්ධාවම) ශ්‍රද්ධා මූලික (ශ්‍රද්ධාව මුල්කොට ඇති) ශ්‍රද්ධා වත් (ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධා බහුල කොට ඇති සමහර ආශ්‍රවයන් ගෙන් මුදිනු ආර්යය පුද්ගලයා) ශ්‍රද්ධාහස්ත (ශ්‍රද්ධාවන්ත අත) යනුවෙන් අර්ථ කිහිපයක ශ්‍රද්ධාවේ යෙදුනු දක්නට හැකිය.

Mar 28, 2014

ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු

5:05 PM 0
ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු


භාග්‍යවත් මාසය වශයෙන් හැඳින්වෙන බක් මාසය අටු කොටු පිරී සශ‍්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් ලිප ගිනි මොලවා, ආහාර පිස, වැඩ අරඹා, ආහාර අනුභව කර, ගනුදෙනු කර, නෑදෑ හිතමිතුරුකම් වඩවන අලුත් අවුරුදු දිනය උදාවනුයේ සිරිබර බක් මාසයේදීය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහිලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින්ම වැදගත් කොට සලකනු ලබයි. ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින්ම වැදගත්වන බක් මාසය දිළිඳු පැලේ සිට මහා මන්දිරයේ වෙසෙන ළමා ලපටි තරුණ මහළු සෑම සියළු දෙනා එකට එක්වී සමරණ මහා ජාතික ආගමික මංගලෝත්සවයකි.