අර්ථවත් ජීවිතයක්

2:34 PM

අර්ථවත් ජීවිතයක්

 “කතකබ්බං කුසලං
  චරිතබ්බං බ්‍රහ්මචරියං
 නත්ථි ජාතස්ස අමරණං” 


උපන් හැම කෙනෙකුගේ ජීවිතය   අවසානයේ මරණය කරා ගෙන යන බැවින් ජීවත්වන කාලය ගත කළ යුතු ආකාරය සම්බුදු දහමෙන් මැනවින් අර්ථවත් කර ඇත.

බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කාර්යයන් දෙකක් පවරා ඇත. ප්‍රධාන කාර්යය මෙලොව උපන් හැම කෙනෙකුම කුලසයට නැඹුරු විය යුතුය. ඒ සමඟම යහපත් චරිතයකින් යුක්ත විය යුතුය  බුදුරජාණන් වහන්සේගේ මෙම ඉගැන්වීම පුද්ගලයාගේ යහපතටත් සමාජ යහපතට හේතු වී   ඇත. කෙනෙක්  කුසලයට  යොමු  වීම  ඔහුගේ දෙලොව අභිවෘද්ධියට අනර්ථයක් සිදු නෙවේ. ඒ නිසා කුසලයට නැඹුරුව යහපත් චරිතයකින් යුක්ත වීම බෞද්ධ ජීවිතයක ප්‍රධාන ගුණාංගය බවට පත් කර ගෙන මරණයට මුහුණදීමට උපන් සියළු සත්ත්වයෝ වගබලා ගත යුතුය. තවද එම ප්‍රතිපත්තිය අනුගමනය තුළින් ඔහුට මරණය ජයග්‍රහණය කිරීමට ද නැතහොත් මරණය මරා දැමීමට ද හැකිවනු ඇත  මරණය මරන්නට නිර්වාණගාමී ප්‍රතිපදාව හැර අන් මඟක් නොමැත. පින්වත් ඔබ ධර්ම ගෞරවයෙන් හා එකඟ සිතින් යුතුව උන්වහන්සේ වදාරන්නේ කුමක් දැයි මොහොතක් මෙනෙහි කර බලමු.ඒ සමඟම අද බෞද්ධයාගේ ආගමික සහ සාමාජික වාතාවරණය පිළිබඳව  ද යථා තත්ත්වය විමසා බැලිය යුතුව ඇත.

‍ධර්මය මැනවින් පිළිපඳින්නෙකුට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පෙරට වඩා අද සියළු පහසුකම් සැලසී ඇත. ලොවට දහම් දෙසන රටවල් අතර අප රටට සුවිශේෂ තැනක් හිමිව ඇත. ගමක් ගමක් පාසා වෙහෙර විහාර ඉදි වී ඇත. දැන් දැන් මහාමාර්ග වල ද දැවැන්ත බුදු පිළිම ප්‍රදර්ශණය කෙරේ. එබඳු ස්ථානවලින් ද ශබ්ද වාහිනී යොදා බණ පිරිත් ප්‍රචාරය කරති. මේ අයුරින් සලකා බලනවා අපට බෞද්ධ මධ්‍යස්ථාන වලින් සහ ධර්ම දේශනා වලින් අඩුවක් නැත. එහෙත් ඒ දහම් අසන්නේ බොහෝ දෙනෙක් ඒ දහමෙන් නිසි දැනුම ලබා නැත. දහම් දැනුමත් නිවැරදිව ලැබුවේ නම් සමාජය තුල අසහනකාරී තත්ත්වයක් පැවැතිය නොහැකිය. අද මිනිසාට කායික රෝග වලින් අඩුවක් නැත. ඊටත් වඩා මානසික රෝග ඇත. එම මානසික රෝගී තත්ත්වයට නිවැරදිව පිළියම් යොදා ගත යුතු කාලය එළැඹ ඇත. බලය සමාජ විනාශ කිරීමට නොව හැදීමට පරිවර්තනය කර ගත යුතුය.     

මේ සඳහා වර්තමාන බෞද්ධයාට බෞද්ධකම පිළිබඳ බෞද්ධයන් තුල තිබිය යුතු මූලික ගුණාංග පිළිබඳ බෞද්ධයා පිරිහීමට හේතුව පිළිබඳ කරුණු ස්වල්පයක් දැක්වීම වැදගත් වනු ඇත.

ප්‍රථමයෙන් අපේ අවධානය යොමු කළ යුත්තේ බෞද්ධයා යනු කවරේ ද යන්න පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව කටයුතු කරන පුද්ගලයෝ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුවෙන් සිව් පිරිසෙකි. ඒ අනුවව බලන කළ අද බෞද්ධයා වී ඇත්තේ එදා උපාසක උපාසිකාවෝය. එදා උපාසක සහ අද බෞද්ධයා වී ඇත්තේ එදා උපාසක, උපාසිකාවෝය. එදා උපාසකයා සහ අද බෞද්ධයා අතර වෙනසක් ඇත. අද බෞද්ධයෝ ස්වකීය බෞද්ධකම ප්‍රදර්ශණය කිරීම සඳහා තෙල් මල් රැගෙන බුදු පුදට පන්සල් යති. භික්ෂූන් වහන්සේලා සිය නම, දහස් නම වැඩම කරවා දන් පිරිනමති. බවුන් වඩති. බවුන් වැඩූ සමර්ථයක් මග ඵල ලැබූ බවත් ඔවුන් විසින්ම පවසති.

දවසට දෙතුන් වර පන්සිල් පද වැල කියති. ඊට පෙර ත්‍රිවිධ රත්නය සරණ යන බව ද නිවැරදි අවබෝධයක් නොමැතිව චාරිත්‍රයට කියවති. මෙහිදී අප කවුරුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ උන් වහන්සේගේ ධර්මය ඉතා හොඳින් ශ්‍රවණය කර ඒ ධර්මයට අනුව ලොව දෙසත් ජීවිතය දෙසත් යථාර්තයෙන් දැක උපාසක උපාසිකාවෝ සතුට ප්‍රකාශ කළ අයුරු විමසා බැලීම වටනේය.

“භාග්‍යවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කොට තබන ලද්දක්, යම් සේ උඩුකුරු කරන්නේ ද ? වැසී තැබූවක් යම් සේ, විවෘත කරන්නේ ද ? මං මුලා වූවකුට යම් සේ මඟ කියන්නේ ද ? අඳුරට යම් සේ තෙල් පහන් දරන්නේ ද ? ඒ අයුරින් ඔබ වහන්සේ විසින් නන් අයුරින් ධර්මය ප්‍රකාශ කරනා ලද්දේය.
ඒ නිසා මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මය ද භික්ෂූ සංඝයා ද සරණ යමි. මම උපාසකයෙකැයි දරා ගන්නා සේක්වා...

අද දහම් දෙසුම් සහ ඇසුම් තුල මෙම ගුණාංග කෙතෙක් දුරට අර්ථවත් වන්නේ දැයි කියා ගිහි පැවිදි අප දේපාර්ශවයම සැලකිල්ලට ගත යුතුව ඇත. භික්ෂුවගේ කාර්යය භාරය විය යුත්තේ ශ්‍රාවකයාගේ ප්‍රබුද්ධත්වය උදෙසා සුදුසු දෙසුමකට ධර්මය ගොනු කර ගැනුමයි. ඒ සමඟම අසන්නා ද ධර්මය ශ්‍රමණය කළ යුත්තේ කෙනෙක් මිය ගිය පසුව හත් දවසේ, තුන් මාසේ පින්කම් දහම් දෙසුම චාරිත්‍රයකි. එය ඉටුකිරීමට නොව සසර දුකින් මිදී දෙසුම් ද, ඇසුම් ද වරළ වීම ශාසනික වශයෙන් විශාල පාඩුවකි. බුදුරජාණන් වහන්සේ හමුවේ රජ, මැති, ඇමැති සියල්ලෝම බෞද්ධ උපාසක උපාසිකාවෝය  එහෙත් අද සමාජයේ බෞද්ධයින්ට එදා සමාජයේ උපාසක සතු ගුණ ධර්ම කෙසේ වෙතත් උපාසක යන නාමයෙන් ඇමතීම ගැන ද රුචිකත්වයක් ඇත්තේ ද යන්න ඔබම විමසා බලන්න. කෙසේ වෙතත් බෞද්ධයාගේ නියම නම උපාසක නැතහොත් උපාසිකා බව සිහියේ තබා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ දවස, උන් වහන්සේ වෙත ගොස් විමසුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස බෞද්ධයෙකු වන්නේ කෙසේ ද ? කියා නොව උපාසකයෙකු වන්නේ කෙසේ ද ? කියා යි. ඊට පිළිතුරු වශයෙන් උන්වහන්සේ දේශනා කළේ යමෙක් බුදුන්, දහම්, සඟුන් සරණ යන්නේ ද හෙතෙම බෞද්ධ උපාසකයෙකු වන බවයි.

උපාසක නැතහොත් බෞද්ධ ජීවිතය මනාව අර්ථවත් වන්නේ පන්සිල් රැකීම, ත්‍රිවිධරත්නය හොඳින් හැඳින ගෙන ගෞරව දැක්වීම, නිවැරදි දැකීමෙන් යුක්ත වීම, බෞද්ධ වත් පිලිවෙත් අනුගමනය කිරීම, උපත මරණයෙන් කෙළවර වන බව සිතා කටයුතු කිරීම යනාදී ගුණාංග අනුගමනය තුලිනි. සැබෑ බෞද්ධයෙකු සමාජය සමඟ කටයුතු කිරීමේ දී එම සමාජය සමඟ ගැටුමක් නොමැතිව සහයෝගයෙන් කටයුතු කළ යුතුය. ඒ සඳහා කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග උපයෝගී වනු ඇත.

බෞද්ධ ජීවිතයක කැපී පෙනෙන ගුණාංග විය යුත්තේ ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැත, ත්‍යාගය යන ගුණාංගයෝය. එහෙත් බොහෝ දෙනෙකුට පිහිටා නැත්තේ ද එකී ගුණාංගයන්ය. බොහෝ අයට ත්‍රිවිධ රත්නය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැත. එය වචනයට පමණක් සීමා වී ඇත. බොහෝ ශාසනික කටයුතු කරන්නේ සසර දුක තුරන් කර නිවන් සුව පසක් කර ගැනුමට නොව මෙලොව කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුවෙනි. මේ තත්ත්වය පිළිබඳ විමසිලිවත්ව බැලීමේ දී පිළිගත යුතු සත්‍යයක් ඇත. බාහිර වශයෙන් බෞද්ධයාගේ දෛනික ක්‍රියාවලියේ දියුණුවක් ඇතත් ආධ්‍යාත්මික වශයෙන් පරිහානි තත්ත්වයක් උදා වී ඇති බවය. එකී පරිහානි තත්ත්වය උදාවීමට හේතු වී ඇත්තේ මෙබඳු දුර්වලතා පදනම් කරගෙනය.

ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන ගුණාංග බෞද්ධයෙකු තුල ගොඩනැඟෙන්නට මූලික පදනම වන්නේ භක්ෂූන් වහන්සේලා සමඟ ඇසුර, ධර්මය ශ්‍රවණය කිරීම, සිල් සමාදන් වීම ආදී යහපත් චර්යාවන් තුලිනි. එහෙත් යමෙක් භික්ෂූ ඇසුරක් නැතිව දහම් ඇසුමට මැලිව එක් භික්ෂුවකගේ සුළු වරදක් දැක සමස්ත භික්ෂු ආධ්‍යාත්මයක් ගොඩනැඟීමක් ඇති වන්නේ නැත. මෙහිදී සැබෑ බෞද්ධයෙකු නැතහොත් බෞද්ධ උපාසකයෙකු විසින් සුවිශේෂ දැක්මකින් කටයුතු කිරීම අවශ්‍ය වේ. ගිහි සමාජයේ මෙන්ම පැවිදි සමාජයේ දී වැරදි අඩුපාඩුකම් තිබුණ නැතහොත් භික්ෂු ප්‍රතිරූපය බුදුරජාණන් වහන්සේගේ දවස ද සිටියහ. ඒ අතර මඟ ඵල ලැබූ මහසඟරුවනින් අඩුවක් ද නොවිණ. ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන ගිහි පැවිදි සබඳතාවය හැකිතාක් දුරට ඇති කර ගැනීම බෞද්ධයාගේ දොලොව දියුණුවට හේතු වනු ඇත. මිනිසා සතර අපායේ නොවැටී දුක් කරදර වලට පත් නොවී රැක ගනු ලබන්නේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයයි. ඒ නිසා ප්‍රමාද නොවී දහම් අසා සසර කෙටි කර ගැනුමට උත්සාහවත් විය යුතුව ඇත. මිනිසා තුලින් පැන නැඟෙන කාමය කෝපය ඉවසීමක් පාලනයක් නැති තැන සමාජයේ අපරාධ බහුලව පවතී. මේ තත්ත්වය පාලනය කිරීමට නම් කළ යුතු එකම විසඳුම මිනිසා සිල්වත් කිරීමයි. ඒ සඳහා පන්සිල් ගැන්වීම පමණක් ප්‍රමාණවත් නොවේ.


ඔහු ඊට වඩා ශීලයක පිහිට විය යුතුව ඇත. විශේෂයෙන් අටසිල් සිත දස සිල් සහ දසසිල් ඊට උපකාරී වෙයි. එකී සීලයන් තුළින් කාම, කෝප සමාජයේ පවතින කලබලකාරී තත්ත්වය මඟහැරී තපෝ ගුණ වගා වී සමාජය යහපත්වනු ඇත.

You Might Also Like

0 comments

ShareThis