ආනාපාන සතිය

12:53 PM

ආනාපාන සතිය

මජ්ඣිමනිකායෙහි අනුපද වග්ගයේ   සැවැත්   නුවර සමීපයෙහි     පුවරම්   නම් මුවර  මාපාවෙහි  භික්ෂූන් අමතා කළ ආනාපාන සති සූත‍්‍රයෙහි   එන    පරිදි භික්ෂූහු විවිධ භාවනාවල නියැලූණ හ. ඒ අතර ආනාපන්සි භාවනානුයොගයෙහි යෙදී වඩන භික්ෂූහු විසූහ. භාවිත බහුලීකෘත වශයෙන් ආනාපන්සි භාවනා මහත් ඵල මහානිශංස වෙයි. සතර සීවටන් සපුරාලයි. සප්ත බොධ්‍යංගයන් සපුරාලයි. ආරණ්‍යගත වේවා, වෘක්ෂ මූල ගත ව වේවා, ශූන්‍යාගාර ගතව වේවා, පලක් බැ`ද කය සෘජු කොට තබා සිහිය කමටහන්  අබිමුඛ කොට තබා සිහි ඇතිව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇතුවම ප‍්‍රශ්වාස කෙරෙයි. දීර්ඝ කොට හෝ ආශ්වාස කෙරෙනුයේ දීර්ඝ කොට කෙරෙමියි නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප‍්‍රශ්වාස කෙරෙමියි නුවණින් දනියි. හ‍්‍රස්ව කොට හෝ ආශ්වාස කෙරෙමියි නුවණින් දනියි. හ‍්‍රස්ව කොට හෝ ප‍්‍රශ්වාස කෙරෙමියි  නුවණින් දනියි. සර්වකාය ප‍්‍රතිසංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සර්වකාය ප‍්‍රතිසංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. කාය සංස්කාර සංසි`දුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. කාය සංස්කාර සංහි`දුවමින් ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. ප‍්‍රීති සංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප‍්‍රීති සංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සුඛ සංවේදීව ආශ්වාස කෙරෙමින් හික්මෙයි. සුඛ සංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප‍්‍රතිසංවේදීව ආශ්වාස කෙරෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප‍්‍රතිසංවේදීව ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. 

චිත්ත වෙසෙසින් ප‍්‍රමෝද කෙරෙමින් ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙමින් හික්මෙයි. චිත්ත සමාදාන ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. අනිත්‍යය නුවණින් දකිමින් ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙමි ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. නිරෝධය අනුව නුවණින් දක්නෙමියි ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. පටිනිස්සජනය දක්නෙව් ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. මෙසේ භාවිත බහුලීකෘතව අනාපන්සි භාවනාව වැඞීම මහත් ඵල මහානිසංශ වේ යැයි එහි කියැවේ. 

සමාධියේ දී බලවත් වන්නේ සිතයි. සිත දුබල වීම යනු සිත එකතැනකට පත් නොවී හැම තැනම විසිරී යාම යි. සිත විසිරී ගිය විට දුර්වල වේ. සිත ශක්තිමත් කර ගැනීම ස`දහා බොහෝ වේලාවක් සිත එක අරමුණක ර`දවා ගත යුතුය. හිතේ දියුණුව ඇති කර ගැනීම ඉතා වැදගත් වේ. ඒ ස`දහා සිත නිතර එක තැනක රැුදී තිබිය යුතුය. එවිට හිත සම`ග ඇති අපේ සටන සමනය කර සිත නිවා දමා නිවනින් සැනසීම ලද හැක්කේ ය. තමාට තමා ආලෝකයක් විය යුතුය. තමාගේ සිත තමාටම පාලනය කර ගත හැක්කේ නම් සිත නිවා ගැනීම ඉතා පහසුය. ඒ සදහා අප භාවනානුයෝගීව සිත එක් තැන් කර සිත පිරිසිදු කර ගත යුතුය. එවිටයි භවගාමීත්වයෙන් මිදිය හැක්කේ. භවගාමීත්වයෙන් මිදුනු පසු හිත නිරුද්ධ කර අවබෝධයෙන් වැරදි දේ අයින් කර සදාකාලික සැනසීම ඇති නිවනට ලගා වීමට මග හෙළි කර ගත හැකිය.

සාමාන්‍යයෙන් අපේ සිත දුබල ය. දුර්වලය. අප විසින් සිත ශක්තිමත් කර ගත යුතුය. එවිට දස අතේ අපේ සිත ගමන් කරන්නේ නැත. ඒ සදහා කයට වඩා සිත ශක්තිමත් කර ගැනීමට උත්සුක විය යුතු වේ. ඒ සදහා මුලින්ම ආනාපාන සතිය සමාධියක් වශයෙන් වැඞීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සේක. ආනාපාන සතියෙන් තම ක‍්‍රියාකාරීත්වය පිළිබද සිත යොමුකොට, නියම ස්වභාවය දැක, සම්මා සමාධිය වර්ධනය කර ගත හැකියි. සමාධිය හෙවත් සිත එකතැන දියුණු කර ගැනීම, සදහා හුස්ම ඉහළ, පහළ ගැනීම සිහියෙන් හො`දින් දැන දැක සිදු කිරීම මෙහි දී සිදුවෙයි. ඒ සදහා උඩු තොලේ මැද හරියේ තබා සමාධිය වඩා ගත යුතුය. හුස්ම ඉහළ යාම, පහළ යාම, සිතින් දැකීම තුළින් සිත එක`ග කර ගැනීමට හැකියාව ඇති වේ. ඒ සදහා හුස්ම ඇතුල්වන පිටවන තැන ගැන සිහියෙන් සිටීම අවශ්‍යය. ඒ පිළිබදව දැනගෙන අවබෝධයෙන් සිදුකිරීමෙන් සතිය ඇතිකර ගැනීම පහසු වේ. එසේ සිත දියුණු වූ විට අනිත්‍යතාවයත් දැන ගැනීම ද පහසු ය. ක‍්‍රියාකාරීත්වයක් මිස මම ය, මාගේ ය කියා සත්වයෙක් එහි නැත. මෙසේ ප‍්‍රඥාව දියුණු කර ගැනීම ආනාපාන සතියෙන් අපේක්ෂිතය.

හුස්ම නමැති අරමුණ විතර්කය යි. හුස්ම ඉහළ, පහළ යාම දෙස බලා සිටීම විචාරය යි. යමක් අවබෝධකර ගැනීමට නම් එයට සිත යොමු කළ යුතුය. එය ඒකාග‍්‍රතාවය යි. නා නා අරමුණු වල දුවමින් සිටි සිත එකම අරමුණක ර`දවා තැබීමේ දී විශාල සැනසීමක් ඇති වේ. එය ප‍්‍රීති සුඛ නම් වෙයි. විවිධ අරමුණු වල ඇළි-ඇළී, ගැටි-ගැටී පවත්නා වූ සිත ඒකාග‍්‍රකොට ධ්‍යාන ගත කළ හැකිය. සතිපට්ඨාන සූත‍්‍රයට අනුව සිත ඒකාග‍්‍ර කර ගන්නා අවස්ථාව උපාචාරය යි. සිත ඒකාග‍්‍ර කොට ගෙන ඇති කර ගන්නා චිත්ත ශක්තිය උපාචාර සමාධිය යි. පංචනීවරණ යන්ගෙන් ආවරණය වී ඇති සිතකට ඉහළ නැ`ගිය නොහැක. පංච නීවරණ යනු කාමච්ඡුන්ද, ව්‍යපාද, ථීනමිද්ද, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්චා යන පහයි. පංච නීවරණ යටපත් කරගත් සිත සැහැල්ලූ වෙයි. ශක්තිමත් වූත්, සැහැල්ලූ වූත් සිත් ඉහල නගී. ඉහළට නැගීයන සිත පාලනය කරන්නා වූ සිත ධ්‍යාන නම් වෙයි. සමාධි නම් වූ සිත අදියර හතරකින් පාලනය වෙයි. එනම් පළවෙනි ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වැනි ධ්‍යානය. හතරවැනි ධ්‍යානය යනුයි. 

පළවැනි ධ්‍යානයේ විතර්ක, විචාර, පී‍්‍රති, සුඛ, ඒකාග‍්‍ර යන අංග පහම වෙයි. විතර්ක යනු අරමුණක් ගැනීමයි. ආනාපානයේ දී ගන්නා අරමුණ හුස්ම යි. විචාරය යනු එම අරමුණ විමසීම යි. ඒකග‍්‍රතාවය යනු හුස්මහිම සිත ර`දවා ගැනීම යි. විසිර ගිය සිතක් එක අරමුණක් තුළ ර`දවා ගැනීමෙන්් සහනයක් සතුටක් ඇති වෙයි ප‍්‍රීති සුඛ යනු එය යි. 

දෙවැනි ධ්‍යානයේ දී ප‍්‍රීති සුඛ ඒකග්ගතා යන ධ්‍යාන අංග දක්නට ලැබේ. තුන්වැනි ධ්‍යානයේ දී සුඛ ඒකග්ගතා යන ධ්‍යාන අංග දක්නට ලැබේ. සැපයේ සියුම් බව වන උපේක්ෂාව හතරවන ධ්‍යානයේ ගුණය යි. ඒකග්ගතාවය සෑම ධ්‍යානයකම පවතී. ඇලීමෙන් ගැටීමෙන් තොර ශාන්ත සිතක් ඇති වෙයි.

නොදැමුණු සිත අනර්ථය පිණිස පවතී. දැමුණු සිත මහත් අර්ථය පිණිසම පවතී. සංවර නො වූ සිත අනර්ථය පිණිස පවතී. සංවර වූ සිත මහත් අර්ථය පිණිසම පවතී. නො රැුකුණු සිත මහත් අනර්ථය පිණිසම පවතී. භවාංගික සිත ප‍්‍රභාශ්වරය. ආගන්තුක රාගාදී උපක්ලේශයන්ගෙන් කිළිටු වූ අශ‍්‍රැතවත් පෘතග්ජනයාට චිත්ත භාවනාවෙක් නැත. ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයාට චිත්ත භාවනාව පවතී. 
භාවනා වශයෙන් වඩන ලද සිත ඒකාන්තයෙන් සසර කළ කිරීම පිණිස, නොඇලීම පිණිස, රාගාධීන්ගේ නිරෝධය පිණිස, කෙළෙස් සංසි`දීම පිණිස, අනිත්‍යාදිය වෙසෙසා දැනගැනීම පිණිස හේතු වන්නේ ය.

You Might Also Like

0 comments

ShareThis