April 2017 - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Apr 10, 2017

බක් මස පුර පසළොස්වක පොහොය දිනය

8:59 AM 0
බක් මස පුර පසළොස්වක පොහොය දිනය
උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බෞද්ධ උපාසක උපාසිකාවෝ සීල ගුණයෙන් පේවි ධර්මානුකූලව සිත මෙහෙයවා මානසික කායික සුවය හා විවේකය අත්කර ගැනීම සඳහා මෙම පොහොය දිනය යොදා ගනිති.