වේදනා මුල් සිඳ දමමු

1:51 PM

වේදනා මුල් සිඳ දමමු

භාවනාවෙන් සිත දියුණු කර ගැනීමෙන්, කාම කෝපා‍දියෙහි නො මිනිස්කම් දුරලා උතුම් මිනිස් ගුණ වගා කර, කු` හරකකු වන් සිත දමනය කොට සංසුන් කර ගත හැකිය. එමගින් එලොව මෙලොව උභයාර්ථ සිද්ධියම සාධනය කර ගත හැකි වේ. භාවනාවෙන් මනා කොට පිහිටුවා ගත් සිතින් අවිද්‍යාවෙන් මි`දී සියලු ආකාරයෙන් සැනසිලි සුවය සදන නිවන් සුවය අත් කර ගැනීමට `ග හෙළි කර ගත හැකි වන්නේය, සමථ විදර්ශනා වඩන ඤාණවන්ත උත්සාහවන්තයාට නිවන් අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. ඒ නිසා බාල, තරුණ, මහ`ඵ කවුරුන් වුවත් දවසේ හිමිදිරි පාන්දර හෝ උදේ සවස දෙකේම හෝ කිසියම් භාවනා‍වෙක යෙදීම ජීවිතයට සැනසිල්ල, සතුට ගෙන දෙන බව වටහා ගත යුතුය.


පසුගිය ලිපියෙන් කය දෙස නුවණින් බැලීමෙන් කයෙහි පවත්නා අසාර, අසුභ, අනිත්‍ය හා විනාශය ඇති කරන ස්වභාවය ගැන සිහිපත් කළෙමු. කය දෙස නුවණින් බැලීමෙන් මම ය, මාගේ ය වශයෙන් ගෙන තම කය සැතැප්ප වීමට කටයුතු කිරීම කිසිම වටිනාකමක්, ‍ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවක් බව අවබෝධ වෙයි. තමන්ගේ ‍හෝ අනු‍න්ගේ ශරීරය ගැන සිත යොමු කොට දෙපතුළෙහි සිට ශීර්ෂය දක්වා පිහිටි සියලු දෙතිස් කුණුපයන් පිළිකුළෙන් යුතුව නුවණින් බැලීමෙන්, රාගය තෘෂ්ණාව ප්‍රහීන කොට නිවනට යොමු වන ම`ග හෙළි කර ගත හැකිය.

අප සංසාරයේ නො නවතින ගමනක යෙදී සිටිනුයේ තෘෂ්ණාව හෙවත් රාගය නිසයි. කය තුළ පුද්ගලයෙක් ඇති බව සිතාගෙන තමාගේ කයටත්, අනු‍න්ගේ කයටත් අප තෘෂ්ණාව ඇති කර ගනිමු. තමා තුළ ඉන්නා පුද්ගලයාගේ වි`දීම උදෙසා අපි කෙලෙස් රැස් කරමින් භව ගමනක යෙදෙන්නෙමු. රාගය දුරු කර නිවන් අ‍වබෝධ කර ගැනීම පිණිස කයට ඇති ආශාව දුරු කර ගත යුතුය. ඒ ස`දහා සමාධිමත් වූ සිතකින් අප කයෙහි එක් එක් කොටස් වෙන් වෙන්ව ගෙන එහි ඇති පිළිකුල් ස්වභාවය අසාර, අශුභ, අනිත්‍ය ස්වභාවය හා දිරා යන ස්වභාවය, තමාට අවශ්‍ය පරිදි තබාගත නොහැකි බව, කය කුණුප කොටස් තිස් දෙකක එකතුවක් මිස එහි ‍මමෙක් පුද්ගලයෙක් නොමැති බව, අවබෝධ කර ගැනීමට එක`ග කර ගත් සිතින් භාවනා කළ යුතු වෙයි. අප පෙර ලිපියෙහි ‍හිසේ කෙස් පිළිබ`දව ස`දහන් කළ ආකාරයටම අනෙක් කුණුප කොටස් ගැන ද මෙනෙහි කොට වැඩිය යුතුය. මෙසේ තම කායික ස්වභාවය විදර්ශනා සිතින් නැවත නැවත දකිමින් භාවනානුයෝගීව ගත කිරීම සසර භය ඇති සිල්වතුන්ගේ සිරිතය. ඔහු තණ්හා දිට්ඨි විරහිතව වාසය කරයි. පංචස්කන්ධ ජීවිතයෙහි කිසිවක් ආසාවෙන් නොගනියි.

දීඝ නිකායේ මහා සති පට්ඨාන සූත්‍රයේ එන අයුරු කායික හෝ චෛතසික සුඛ වේදනාවක් වි`දින්නේ නම් සුඛ වේදනාවක් වි`දිමියි දැනීම ද, කායික හෝ චෛතසික දුක් වේදනාවක් වි`දින්නේ නම් දුක් වේදනාවක් වි`දිමියි දැනීම ද, දුක් ද නොවූ, සුව ද නොවූ (මැදහත්) උපේක්ෂා වේදනාවක් වි`දින්නේ නම් උපේක්ෂා වේදනාවක් වි`දිමියි දැනීම ද, කාම‍නි#ශ්‍රිත සුඛ වේදනාවක් ‍වි`දින්නෙහි නම් කාමනි#ශ්‍රිත සුඛ වේදනාවක් වි`දිමියි දැනීම ද, කාමනි#ශ්‍රිත දුක් වේදනාවක් වි`දින්නේ නම්, කාමනි#ශ්‍රිත දුක් වේදනාවක් වි`දිමියි දැනීම ද, කාමනි#ශ්‍රිත උපේක්ෂා වේදනාවක් වි`දින්නේ නම්, කාමනි#ශ්‍රිත උපේක්ෂා වේදනාවක් වි`දිමියි දැනීම ද වශයෙන් තම වින්දන නැවත නැවත දකිමින් භාවනානුයෝගීව ගත කිරීම වේදනාවන්හි වේදනානුපස්සීව විසීම යනුවෙන් සැලකේ. වේදනාව නම් අරමුණු රස ව`දිනා සිතෙහි වූ ස්වභාවය යි.

එකී සූත්‍රයේ කායානුපස්සනාවට පසුව ස`දහන් වන භාවනා ක්‍රමය මෙම වේදනානු පස්සනාවයි‍. රාගය, තෘෂ්ණාව ප්‍රහීන කිරීමට නිවන් ම`ග හෙලිකර ගැනීමට‍ මෙම භාවනාවද අතිශයින් උපකාරී වේ. තණ්හාව ඉපදවීමට වේදනාව ද හේතුවක් වෙයි. දුක්ඛ සත්‍යයේ දී අප අවබෝධ කර ගන්නේ ඉපදීම (ජාතිය), ලෙඩ වීම, මහ`ඵ වීම, මරණය ආදිය දුක් හැටියට යි. ද්වාර හයෙහි ක්‍රියාකාරීත්වය වන ඇසින් දැකීම, කණින් ඇසීම, දිවෙන් රස බැලීම, නාසයෙන් ග`ද සුව`ද දැනීම, කයෙන් ස්පර්ශය ලැබීම, මනෙන් සිතිවිලි ගැනීම දුක ඇති කිරීමට හේතු වන බව ගැඹුරින් සිතා බලනවිට අපට පැහැදිලි වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇසින් දැකීමේ දී අප රූපයක් දැක්කොත් එම රූපයට තමා කැමති නම් එම රූපයට ආශාව, ඇලීම ඇති කර ගනී. එම රූපයට තමා අකමැති නම් ගැටීමක්, ‍ද්වේශයක් ඇති කර ගනී. මෙසේ ‍ලෝභ ද්වේශාදී අන්ත දෙකට වැටීම නිසා තණ්හාව උපදී. ද්වාර හයෙන් ලබා ගන්නා අරමුණු වලට ඇලෙමින්, ගැටෙමින් භව පැවැත්ම ඇති කර ගෙන යයි. මෙම ක්‍රියාකාරීත්වය නැවතීමට නම් ‘වේදනානු වේදනානුපස්සී විහරති’ ‘අතාපි සම්පජානො සතිමා වි‍න්‍යෙය ලොකෙ අභිඤ්ඤා දොමනස්සං’ යනුවෙන් යම් වේදනාවක් ඇස, කණ, නාසය, දිව, කය, මන නිසා ඇති වෙයි ද එවිට තමා විසින් කළයුත්තේ වීර්යයෙන්  නුවණින් කල්පනා කර ඉ`දුරන් හයෙන් ලබා ගන්නා අරමුණු සම`ග ඇලීමට, ගැටීමට නොයා අනිත්‍ය ස්වභාවය බැලීම ය. ද්වාර හයේ ක්‍රියා කාරීත්වය සිදුවන්නේ සිතක් ඉපදීම තුළිනි. වේදනානු පස්සනාවේ දී ඇසෙන් දැකීමෙන් හා කනෙන් ඇසෙන්නාවූ ශබ්දය අනිත්‍ය බැවින්, එයට ඇලී‍ම‍ හෝ ගැටීම ඇති කර නො ගෙන සතිය පවත්වාගත යුතුය. කොතරම් තමා කැමති හෝ අකමැති රූපයක් දැක්කත් ඇලීමට හෝ ගැටීමට නොයා සිතිවිලි නතර කර ගෙන අනිත්‍ය අවබෝධ කර ගත යුතුය.


මෙසේ තමන්ගේ වේදනාවන් හෝ අනෙකෙ‍කුගේ වේදනාවන් හෝ මුල් කොට වේදනානුපස්සීව වෙසෙන ඔහු ලොව කිසිවක් තෘෂ්ණා දෘෂ්ඨීන් වශයෙන් නොගනී. සියලු වේදනාවන්ගෙන් මිදී අජරාමර සුවය ගෙන දෙන නිවන පසක් කර ගනී.  

You Might Also Like

1 comments

  1. බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

    ReplyDelete

ShareThis