නුවර අහස යට - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Aug 25, 2020

නුවර අහස යට

 ගස කොළ යටින් දිවෙනා සුදු වැලි    පාර   

කෙළවර ඔබට හමුවෙනු ඇත මහ      පාර

පිච්චී බිඳක් උණු වී දිලිසෙන              තාර

පාර කියයි නුවරට අඩියක්                 නෑර


සේනානායක වීදියෙ කෙළවර                

යන්න සෙමින් බඩුකඩ ඇති පේළිය        

දෙනෙත් යොමනු එම වීදියෙ කෙළවර   

වළාබැම්ම ඇති එහි පෙනෙනා සුද          

 

බැම්මේ වළාකුළු ඉහළින් ඔබට             පෙනෙයි

කඳුවැටි ගොඩක් නගරෙට ඒබි කමක්        කරයි

නගරය වුණත් ලස්සන ගස් කොළන්       හැදෙයි

දැන් ඔබ ටිකක් වීදියෙ කෙළවරට              ළගයි


වම් අත බලා දළදා හිමි වැඳගන්                

ඉන් පසු වැව දෙසින් ඇති පඩි නැගගන්    

එම විට පෙනෙන කිරි මුහුදත් දැකගන්     

කරඬුව සිපන් එන මද නළ රැළි විඳගන්      න

 

සිහිල විඳිය හැක මේ ඇති ගස්             හේවනේ

පිටපස හැරෙද්දී ඔබ ආ මගද                 පෙනේ

රැජිනගේ හෝටලෙත් හැඩවැඩ ඇතිව    පෙනේ

නුවරම මෙතැන හැඩැතිව දෙනෙතට     රැදුනේ


කුරුළු වෙසක් අරගෙන මම            දවාලක

ඉඳගෙන බලා සිටියා වැව ළග            ගහක

අස්ගිරි සෑය බහිරව කන්දද            කොනක

සිත් ඇද ගනී මගෙ හිත ගොස් දෙවි ලොවක


සිත සීතලය නගරේ කලබලය             මැද

ඉපැරණි වලව් සොඳුරුය නගරයෙහි    මැද

නොයෙකුත් සද්ද ගෝසා නගරයට     වැද

සිටියත් මැකී යයි සුළගේ එවැනි         නද


ඇසළ මහේ මහ මළුවේ ඇසළ               ගසේ

මල්පෙති වැටෙන තාලෙට බෙර හඬද    ඇසේ

ඇත්අඩි නැටුම් කවි මුසුවී වීදි                 රැසේ

ඇතුපිට වඩින හිමිසඳ මිණි කිරණ        වැසේ


වැසිබර දිනකි මෙහි කප් සිටුවන            දාට

මල්වැසි වැටේ පෙරහර යන පෙරමුණ      ට

දළදා වතුර මහවැලියට නුවර                 සිට

පුරවා රැගෙන යයි ලංකා රට               වටට

 

කඳුරට සිරිය සෙංකඩගල            පුරවරය

පන්සිය වසක් දළදා හිමි සිටි            පුරය

මිතුරේ වින්ද අසිරිය මෙහි        පැහැබරය

නිමවමු අපිත් නුවර ගමන්         විස්තරය



එල්.ඩබ්.ඒ. දේවින්දි හංසනා වික්‍රමසිංහ,

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට අනුබද්ධිත, ශ්‍රී ශාන්ති බාලිකා දහම් පාසල - කටගස්තොට.


No comments:

Post a Comment